Print this Article


මාපලගම බුද්ධසිරි නා හිමි

මාපලගම බුද්ධසිරි නා හිමි

රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති, මාතර වෙහෙරහේන ශ්‍රී පූර්වාරාම රාජමහා විහාරාධිවාසී ,ස්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, ගාලු කෝරළය ඇතුළු හිනිදුම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක, කර්මවාගාචාර්ය ත්‍රිපිටක ධර්ම කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද,විනයාචාර්ය මාපලගම බුද්ධසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජන්මදිනය නිමිත්තෙන් උන්වහන්සේ ප්‍රමුඛ මහ සඟරුවන විසින් සියලු චාරිත්‍ර උපාචර විධි ඇතුළත් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ඇතුළත් USB Flash Drive Cardƒ£ DVD සංයුක්ත තැටි දෙකක් එළි දැක්වීමේ පුණ්‍යමහෝත්සවය ඉකුත්දා රත්මලාන සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

දකුණු පළාතේ ගාලු පුරවරයේ මාපලගම ගම්පියසේදී 1960 ජූලි 08 දින බුද්ධසිරි නාහිමි ජන්මලාභය ලැබීය. 1971 දෙසැම්බර් 21 දින මාතර වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරයේදී ප්‍රව්‍රජ්‍යාභාවයට පත්විය. ඉක්බිතිව සාමණේර නමක විසින් ප්‍රගුණ කළ යුතු ඇවැතුම් පැවැතුම් පිළිබඳ මනා අවබෝධයක් ලද උන්වහන්සේ වෙහෙරහේන ශ්‍රී රේවත පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා මාතර සුදර්ශී විද්‍යායතන පිරිවෙනින් ධර්ම, විනය, භාෂා ශාස්ත්‍ර මැනවින් හදාළහ. 1980 ජුනි 14 දින කෝට්ටේ සංඝ සභා මූලස්ථානයේදී උපසම්පදා ලැබූහ. එහි දී උන්වහන්සේගේ ආචාර්යවරුන් වූයේ මාතර වෙහෙරහේන ශ්‍රී පූර්වාරාම රාජමහා විහාරාධිපතිව වැඩසිටි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක දවුලගල සංඝරතන නාහිමි, දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති කිරම විමලජෝති නාහිමි හා අපවත්වී වදාළ ප්‍රවීණාචාර්ය මාතර ආනන්ද හිමියන්ය.

පරිත්‍රාණ ධර්ම දේශනාව පිළිබඳ මනා නෛසර්ගික දේශනා කුසලතාවයකින් හෙබි මාපලගම බුද්ධසිරි නාහිමි දේශිය හා විදේශීය වශයෙන් සිදුකොට ඇති ආගමික, සාමාජික හා සංස්කෘතික සේවාවන් රැසකි. 1995 මැයි මස 09 වන දින අභිනවයෙන් රත්මලාන සමාධි බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කිරීම උන්වහන්සේගේ ජීවිතයේ සදා අනුස්මරණීය අවස්ථාවකි. ඒ ඇසුරුකොට ගෙන සිරි සඟරුවන් දහම්පාසල ද බුද්ධසිරි නාහිමියන්ගේ පුරෝගාමිත්වයෙන් ආරම්භ වුණි.

USB Flash Deive Card ƒ£ DVD සංයුක්ත තැටි දෙක එළිදැක්වීමේ පුණ්‍ය මහෝත්සවය සඳහා ස්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමි ප්‍රධාන ගිහි පැවිදි ප්‍රභූ ආරාධිත විශාල පිරිසක් සහභාගිවීමට නියමිතව තිබිණි.