Print this Article


මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහා නාහිමියන්ගේ ජන්ම සමරුවට පින්කම්

මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහා නාහිමියන්ගේ ජන්ම සමරුවට පින්කම්

හොරණ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමාධිපතිව වැඩ විසූ මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහා නා හිමිපාණන් වහන්සේ අපවත්වී වසර විස්සක් සපිරීම නිමිත්තෙන් ජූලි 4 වනදා සිට 13 දක්වා සවස 6.30 විශේෂ ධර්ම දේශනා මාලාවක් පොකුණුවිට විනයාලංකාරාරාමයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි මීමන සුසීම හිමියෝ පැවසූහ. රේරුකානේ චන්දවිමල මහා නා හිමිපාණන් වහන්සේගේ 120 ජන්ම දිනය යෙදෙන ජූලි 19 දින සවස 6.00 ධර්ම චක්‍ර පූජාව නමින් විශේෂ ආලෝක පුජාවක් ,දාස්පෙති මල් ලක්ෂයක් කපුරු මල් ලක්ෂයක් සහිතව බුද්ධ පූජාවක් පැවැත්වේ.

මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහා නා හිමිපාණන් වහන්සේගේ ශාසනික ආගමික යුග මෙහෙවර අති විශිෂ්ට වූ අතර උන්වහන්සේ සම්පාදනය කළ අගනා ධර්ම ග්‍රන්ථ සුවහසක් බෞද්ධ ජනතාවගේ මහත් ගෞරවාදරයට පත්ව ඇත.