Print this Article


රාජකීය පණ්ඩිත උපාධියේ පළමු තැන විද්‍යොදය පිරිවෙනට

රාජකීය පණ්ඩිත උපාධියේ පළමු තැන විද්‍යොදය පිරිවෙනට

1902 වර්ෂයේ ජූලි මස 04 වන දින ආරම්භ කළ ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම පෙරදිග භාෂා ශාස්ත්‍ර අධ්‍යයනයට රාජකීය පණ්ඩිත උපාධිය පිරිනමන දැනට ලංකාවේ ඇති පැරණි ම ආයතනයයි. එම සමාගම අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒකාබද්ධව 2016 වසරේ පැවැත් වූ ප්‍රාචීන පණ්ඩිත උපාධි අවසාන පරීක්ෂණයෙන් සිංහල, පාලි, සංස්කෘත භාෂාත්‍රයෙන් දිවයිනේ ප්‍රමුඛයා මෙන්ම දෙවැනි තැන ද මෙවර ලබාගැනීමට සමත් වූයේ කොළඹ, මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණේ පින්කන්දේ දමිතසාර හා ඌමෑලේ විමලධම්ම යන හිමිවරුන් ය.

පින්කන්දේ දමිතසාර හිමි දිවයිනේ ප්‍රථමයා මෙන්ම විද්‍යෝදය පිරිවෙණේ දීප්තිමත් ශිෂ්‍යයාට හිමි වන ස්‍යාමරාජ ත්‍යාගය ද ලැබීය. ඌමෑලේ විමලධම්ම හිමි දිවයිනේ දෙවන ස්ථානය මෙන්ම විද්‍යොදය පිරිවෙණේ වර්ෂ අවසාන පණ්ඩිත උපාධි පරීක්ෂණයෙන්ද දෙවන ස්ථානය හිමිකර ගත්තේ ය.