Print this Article


ශාන්ති පදනම මෙහෙයවන පිච්ච මල් පූජාව 29 වනදා අනුරාධපුරයේදී

ශාන්ති පදනම මෙහෙයවන පිච්ච මල් පූජාව 29 වනදා අනුරාධපුරයේදී

ශාන්ති පදනම මෙහෙයවීමෙන් වාර්ෂිකව පවත්වන පිච්චමල් පූජාව ජූලි 29 වනදා පස්වරු 3 ට අනුරාධපුරයේදී පැවැත්වේ.

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ සහ රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශාන්ති පදනමේ නිර්මාතෘ කොටපොල අමරකිත්ති හිමියන්ගේ මෙහෙයවීමෙන් එම පින්කම සිදු කෙරේ.