Print this Article


බලාපොරොත්තු සහගත වන්න

බලාපොරොත්තු සහගත වන්න

හැම දෙයකම නරක පැත්ත බලන, අඩුපාඩු ගැන විතරක් සොයා බලන අය අප අතර කොතෙකුත් සිටිනවා. සෘණාත්මකව, එසේත් නැතිනම් අසුභදායක මනසකින් අනාගතය දෙස බලන්න පුරුදු වී සිටිනවා. තමන්ගේ ජීවිතයේ නරකම පැත්ත, අනෙක් අයගේ ජීවිතයේ නරක පැත්ත දෙසම බලනවා. සිතේ බිය, කනස්සලු ස්වභාවය කියන්නේ ඇත්තටම මෙලෙස අනාගතය දෙස අසුබවාදී විදිහට බැලීමයි.

එවැනි ආකල්පයකින් අනාගතය දෙස බැලීමෙන් ‘අනේ!’ හැම දෙයක්ම වැරැදි විදිහට සිදුවෙනවා. රටේ ආර්ථිකය නරක පැත්තට හැරිලා මගේ පපුවේ ගුළියක් වගේ දෙයක් හැදිලා තියෙන විත්තිය මට දැනෙනවා. නිච්චියටම ඒක පිළිකාවක්. මම මේකෙන් මැරේවි. මම දන්නවා මම මරණය කරා ගමන් කරමින් ඉන්නේ. ආදී ලෙස නොයෙක් විදිහට දිගින් දිගටම සිතනවා. කෙළවරක් නැතිව සිතනවා.

මිනිස්සු හිත් කරදර ගන්න විදි කණස්සල්ලට පත්වෙන හැටි හරිම පුදුමාකාරයි. මේ ඇත්තෝ ඇත්තම දේවල් ගැන සිත කරදර කර ගන්නේ නෑ. හිත කරදර කර ගන්න ඇත්තටම දෙයක් නැතිනම් රූපපෙට්ටියේ ක්‍රිකට් තරගයක් බලමින් කවුද දිනන්නේ කියා කරදර වෙනවා. එහෙම නැති නම් පාපන්දු තරගයකින් දිනන්නේ කවුද කියා හිත කරදර කර ගන්නවා. කෙලෙස අවසන් වේවිද කියා හිත කරදර කර ගන්නවා. මේ කුමක් නිසාද?

අසුභදායක ලෙස, නිෂේධනාත්මක ලෙස අනාගතය ගැන සිත කරදර කර ගන්නවා වෙනුවට අපට අනාගතය දෙස බලාපොරොත්තු සහගතව බලන්න පුළුවන්. ඒකට මම කියන්නේ ච්ධද’බ ඹධපපර ඡඥ ඩධනඥර (ඩෝන්ට් වොරි, බී හොපී) කියලයි. ඩ්ධනඥර (හොපී) කියන්නේ ඩ්චනනර (හැපී) කියන වචනයේ අර්ථය නොවේ.

ඩචනනර (හැපී) කියන්නේ සතුට කියන අර්ථය. ඡඥ ඩධනඥර කියන්නේ බලාපොරොත්තු සහගත වීමට. අනාගතයේ සිදුවෙන්න තියෙන වැරැදීම් ගැන සිතනවා වෙනුවට සිදුවෙන්නට ඉඩ තිබෙන හරියෑම් ගැන බලාපොරොත්තු තබා ගන්න. ජීවිතය හරි පැත්තට යාවි. ඔබගේ ශරීරය හරි පැත්තට යාවි. රැකියාව හරි පැත්තට යාවි. කියා අනාගතය ගැන බලාපොරොත්තු සහගත වන්න. එය හිතේ කණස්සල්ල, කාංසාව, හිත් කරදර කියන දේවලට ප්‍රතිවිරුද්ධයි. බලාපොරොත්තු සහගත වූ විට ජීවිතයේ බොහෝ දේ කරන්න පුළුවන්. සිත් කනස්සල්ලෙන් සිටින විට අලුත් අත්දැකීම් සොයාගෙන යාම අපහසුයි. එවැනි අවස්ථාවල අවිනිශ්චිත බව හිතේ ඇතිවන කැළඹීම නිසාම ජීවිතයේ වැරැදි රාශියක් කරගන්න ඉඩ තිබෙනවා.

තවත් කාරණයක් නම් සමහරු තමන් ගැන වෙනත් අය කියන්නේ කුමක්ද යන්න පිළිබඳව සැමවිටම බියෙන් සිටිනවා. එය හරිම මුලාවක්. ඔබ ගැන අනෙක් අය කියන දේ ගැන සිත් කරදර කර ගන්නේ කුමකටද? මෙහිදී මට පරණ කියමනක් ගැන මතක් වෙනවා.

තරුණ කාලෙදී සැම විටම තමන් ගැන අනෙක් අය කියන්නේ කුමක්ද? කියලා සිත වෙහෙස කර ගන්නවා. තමන් කතා කරන විදිහ ගැන සිතනවා. ගැහැනු ළමයෙක් නම් හැඩ වැඩ වෙන්න වෙහෙසනවා. වයස අවුරුදු හතළිහට ළඟා වුණාම ආත්ම විශ්වාසය කියන දෙය තහවුරු වෙනවා. තමන් ගැන අහන අය, කියන දේ ගැන මායිම් කරන්නේ නෑ. අනික් අය මොනවා කිව්වත් තමන්ගේ හිතේ හැටියට වැඩ කරනවා. මම අඳින්නේ පළඳින්නේ මට ඕන හැටියටයි කියනවා. වයස අවුරුදු හැටේ දී පමණ මිනිස්සු කිසිසේත් තමන් ගැන නොකියන බව, තමන් ගණන් නොගන්නා බව තේරුම් ගන්නවා.

මේ විත්තිය තරුණ කාලෙ දැන කියා ගන්න පුළුවන් වුණා නම් මීට වඩා යහපත් ජීවිතයක් ගත කරන්න ඉඩ ලැබෙන්න තිබුණා. මේ විදිහට වෙනත් අය තමන් ගැන කියන්නේ කුමක්ද? කියා සිතමින් සමහරු ස්වයං ප්‍රතිරූපයක් ඇතිකර ගන්නවා. එයින් සිදු වන්නේ භීතියට හා කණස්සල්ලට පහසු ගොදුරක් වීමයි. බුදුදහම වැනි අධ්‍යාත්මික මාර්ගයකින් තමන්ට තමන් කවුදැයි කියා දැන ගන්න පුළුවන්. භාවනාවෙන් ඔබට ඔබ කවුරුන්දැයි දැන හඳුනාගන්න ලැබෙනවා.

ජීවිතයේ මුහුණ පා ඇති ප්‍රශ්න, මෙතෙක් පසු කළ ජීවිත ගමනේ නිරත වු අරගල ගැන වෙන කවුරුවත් දැනගන්නේ කොහොමද? වෙනත් කෙනෙක් ඔබ ගැන විනිශ්චය කරන්නේ කෙසේද? අන් අයට ඔබ ගැන සැබෑ චිත්‍රය මවා ගන්නට නොහැකියි. අඩුම තරමේ සහකරුවා හෝ සහකාරියට වුණත් එය කරන්න බෑ. ඔබ සමඟ බොහෝ කාලයක් ජීවත් වූ කෙනෙකුට වුවත් ඒගැන හරිහැටි හිතා ගන්න බැහැ.

කිසිවකු ඔබට මෝඩයා යැයි කී අවස්ථාවක ඔබ අපහසුවට පත්වෙනවා කියන්නේ ඒ තැනැත්තා විශ්වාස කරන බවයි. ඔහු කියන දේ වැරැදි බව දන්නවා නම් ඔබ කිසිම අපහසුතාවයකට පත් වන්නේ නෑ. එවැනි අවස්ථාවක ‘මහත්මයා ඔබට වැරැදිලා’ යි එතනින් ඉවත්වන්න. ඔබගේ අභ්‍යන්තරය පාලනය කළ යුතු වන්නේ ඔබම මිස අන් අය නොවේ. තමන් කවුදැයි තමන්ම දන්නා විට තමන්, තමන්ටම ගරු කරනවා. එයින් කියන්නේ මේ ජීවිතයේ කොතැනක සිටියත් ඔබ, ඔබ සමඟ සාමකාමීව, පහසුවෙන් සිටින බවයි. මේ නිසා අනෙක් අය ඔබ ගැන කියන දේ එක කනකින් ඇතුළට අරගෙන අනෙක් කනෙන් එළියට දමන්න.