Print this Article


අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ ඇසළ පෙරහර ජූලි 6 සිට 16 දක්වා

අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ ඇසළ පෙරහර ජූලි 6 සිට 16 දක්වා

මාවනැල්ල, අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මහෝත්සවය ආරම්භ වී ඇත. අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා පවත්වන පෙරහර දින 26 ක් පුරා පැවැත්වේ. ජුනි 21 දින ආරම්භ වු මළුව ඇතුළත පෙරහර ජුලි 05 දින දක්වාද ජූලි 06 දින ආරම්භ වන වීදි පෙරහර ජූලි 16 දක්වා පැවැත්වීමට නියමිතය. අවසන් රාත්‍රී මහා පෙරහර ජූලි 15 දින අතිඋත්කර්ෂවත් අන්දමින් පවත්වා පසු දින ජූලි 16 දින පැවැත්වීමට නියමිත දවල් පෙරහරෙන් මෙවර අලුත්නුවර ඇසළ උළෙල නිමාව දැකීමට නියමිතව ඇත.

අවසන් රාත්‍රී මහා පෙරහරට සහ දහවල් පෙරහරට චාරිත්‍රානුකුලව මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ මහින්ද්‍ර රත්වත්තේ මහතා සහභාගි වීමට නියමිතය. රත්වත්තේ මහතාගේ පූර්ණ මඟපෙන්වීම යටතේ සතර කෝරළ මහා දිසාවට අයත් කලාකරුවන් මෙවර පෙරහරට සහභාගි වන බවත්, ඇසළ පෙරහර සමයේදී බැතිමතුන්ට පුද පූජා පැවැත්වීමට විශේෂ පහසුකම් සලසා ඇති බවත් අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ තේවාව භාර ශී‍්‍ර ලංකා කජු සංස්ථාවේ සභාපති දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා කීය.

ඇසළ උත්සව සමය තුළ නන්දෙසින් පැමිණෙන බැතිමතුන්හට අවශ්‍ය සෞඛ්‍ය, ප්‍රවාහන, ආරක්ෂක ඇතුළු අනෙකුත් සේවාවන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන හරහා සැපයීමට මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් පි‍්‍රයංගනී පෙතන්ගොඩ මහත්මියගේ උපදෙස් පරිදි කටයුතු යොදා තිබේ.