Print this Article


අවිස්සාවේල්ල ශ්‍රී සුධර්මවර්ධන දහම් පාසල

අවිස්සාවේල්ල ශ්‍රී සුධර්මවර්ධන දහම් පාසල


විහාරාධිපති
වේරහැර ආරියවංශ නා හිමි


දහම් පාසල් ගුරු මණ්ඩලය

1936 වර්ෂයේ දරුවන් පනස් දෙනෙකුගෙන් පමණ ආරම්භකළ අවිස්සාවේල්ල ශ්‍රී සුධර්මවර්ධන දහම් පාසල, වර්තමානය වන විට සීතාවක ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් ප්‍රධාන පෙළේ දහම් පාසලක් බවට පත් වී ඇත. අවිස්සාවේල්ල ශ්‍රී සුධර්මාරාම මහ විහාරයේ විහාරාධිපති දෙවුන්දර ශ්‍රී වාචීස්වර හිමියන් විසින් අත්පොත් තබන ලද මෙම දහම් පාසල දෙබෑගම සීලවංශ හිමියන් විසින් පෝෂණය කරනු ලදුව වර්තමාන විහාරාධිපති වේරහැර ආරියවංශ නාහිමියන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් දරු දැරියන් එක්දහස් පන්සියයකට ආසන්න පිරිසක් දහම් දැනුම ලබා ගනිමින් සිටිති.

කොළඹ මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, සීතාවක පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ අධ්‍යක්ෂ වේරහැර ආරියවංශ හිමියන්ගේ මඟ පෙන්වීමෙන් විශාල දියුණුවක් ලබා ඇත. මූලික ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය විභාගය දක්වා මෙහි පන්ති පැවැත්වෙන අතර විසිදෙනෙකුගෙන් යුත් ගුරු මණ්ඩලය දහම් දැනුම ලබාදෙමින් සිටියි.

ප්‍රාදේශීය දහම් පාසල් තරගයේ සිට සමස්ත ලංකා තරග දක්වා ජයග්‍රහණ රැසක් ලබා ඇති මෙම දහම් පාසලේ දරු දැරියන් සමාජ සත්කාර වැඩසටහන්වලට ද සක්‍රිය දායකත්වය ලබාදේ. එසේම ලංකාවේ එකම පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලය, බප/හෝ/ශ්‍රී සුධර්මාරාම විද්‍යායතන පිරිවෙනද මෙම විහාරස්ථානයේ ස්ථාපිතව ඇති නිසා එම ආයතනවලින් ලැබෙන සහයෝගය ද මෙම දහම් පාසලේ දියුණුවට ප්‍රධාන සාධකයන්ද වේ.


ශිෂ්‍ය නායක නායකාවෝ

දහම් පාසල් සිසු පිරිසෙන් කොටසක්