UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිද්දෙණිය ග්‍රාමීය රෝහලට  වෛද්‍ය නිවාසයක් ගොඩ නැගීම සඳහා මුල්ගල තබනු ලැබීය.

මිද්දෙණිය ග්‍රාමීය රෝහලට  වෛද්‍ය නිවාසයක් ගොඩ නැගීම සඳහා මුල්ගල තැබේ

මිද්දෙණිය ග්‍රාමීය රෝහලට අඩුපාඩුවක්ව පැවති වෛද්‍ය නිවාසයක් ගොඩ නැගීම සඳහා මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ ධන පරිත්‍යාගයෙන් පසුගියදා මුල්ගල තබනු ලැබීය.

එම අවස්ථාවට මහාචාර්ය ඉත්ත දෙමළියේ ඉන්දසර, මහාචාර්ය වාවිවේ ධම්මරක්ඛිත, කිරින්දේ ගුණසිරි, ඉත්ත දෙමළියේ ධම්මසිරි, පුවක්ගහහේනේ වජිරඤාණ, විතාරන්දෙණියේ ඤාණරතන යන හිමිවරුන් ඇතුළු ගිහි පැවිදි පිරිසක් සහභාගි වූහ. ඊට සමගාමීව ප්‍රංශයේ ධම්මචක්ක පැරීස් බෞද්ධ විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන් විසින් මිද්දෙනියේ රණවිරු රෝහලේ පරිහරණයට පරිත්‍යාග කරන ලද බිත්ති ඔරලෝසුවක් විශ්‍රාමලත් නාවික හමුදාවේ ඉංජිනේරු නිලධාරී රණවීර වීරක්කොඩි මහතා විසින් ප්‍රධාන වෛද්‍ය නිලධාරීතුමිය වෙත පරිත්‍යාග කරනු ලැබීය.

එම අවස්ථාවට විශ්‍රාමලත් ග්‍රාම සේවා නිලධාරී ඩබ්ලිව්.ඒ. අබේසිංහ, ගුවන්විදුලි සංස්ථාවේ හිටපු වැඩසටහන් සම්පාදක ඩබ්.ඒ.එස්. ගුණතිලක, වෙළෙඳ ව්‍යාපාරික රත්නායක යන මහත්වරු ඇතුළු රෝහලේ කාර්යය මණ්ඩලයද සහභාගි වූහ.

 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජුනි 30 වන දා සිකුරාදා අපරභාග 6 ට ලබයි. ජූලි 01 වන දා සෙනසුරාදා අපරභාග 06.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 01 වනදා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ජූලි 08 වන දා සෙනසුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]