UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපිළිමයේ උපත - 69:  අජන්තාවේ සිතුවම් ගුහාවල දොරටු නිර්මාණය

බුදුපිළිමයේ උපත - 69: 

අජන්තාවේ සිතුවම් ගුහාවල දොරටු නිර්මාණය

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

"අජන්තා බිතුසිතුවම් ගැන සඳහන් කරන විටද එම යුගයේ ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදී නිර්මාණය කරන ලද බිතුසිතුවම් ඉතා විශිෂ්ට බව විදේශීය මෙන්ම භාරතීය විද්වතුන් විසින්ද සිය ග්‍රන්ථවල සඳහන් කර ඇති කරුණකි."

භාරත දේශයේ ඉතා විශිෂ්ටතම සංස්කෘතික ප්‍රබෝධයක් ඇති වූයේ ගුප්ත රාජ යුගයේදීය. සාහිත්‍ය කලා මූර්ති බිතුසිතුවම්වලද මූර්තිකලාවෙහිද මේ ලක්ෂණ ඉතා පැහැදිලි ලෙසින් දක්නට ලැබුණි.

අජන්තා බිතුසිතුවම් ගැන සඳහන් කරන විටද එම යුගයේ ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදී නිර්මාණය කරන ලද බිතුසිතුවම් ඉතා විශිෂ්ට බව විදේශීය මෙන්ම භාරතීය විද්වතුන් විසින්ද සිය ග්‍රන්ථවල සඳහන් කර ඇති කරුණකි.

“එම යුගයට අයත් බිතුසිතුවම් අතරින් අජන්තාවෙහි අංක 16 සහ 17 යන ලෙන්වල දක්නට ඇති බිතුසිතුවම් ඉතාමත් නිර්මාණශීලි මෙන්ම එහි රූප ඇඳීමේ කලාවද ඉතා විශිෂ්ට වන්නේය.දහසය වැනි ගුහාවෙහි වම්පස බිත්තියේ මරණාසන්න කුමරියක නිරූපණය කරන චිත්‍රය ඉතා වැදගත්ය. මීට වඩා උසස් යැයි සැලකිය හැකි බිතුසිතුවමක් ලෝක ඉතිහාසයෙහි සොයාගත නොහැකි බව විද්වත්හු පෙන්වා දෙන කරුණකි. (දඹදිව බෞද්ධ කලාව ආචාර්ය ආනන්ද ගුරුගේ පි.31 (1962)

අජන්තා ගුහාවල ගුහා දොරටු නිර්මාණය සඳහා එකල චිත්‍ර ශිල්පීන් විසින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ පමණක් නොව ඊට ඉහතදී වැඩවාසය කළ බුදුරජාණන් වහන්සේගේ සිතුවම්ද ගුහා දොරටුවක් අලංකාර කිරීම පිණිස යොදා ගෙන තිබෙන අන්දම 17 වැනි ලෙනෙහි දොරටුවෙන් ඉතා පැහැදිලි ලෙසින් දක්නට ලැබේ.

AJANTA B.Mitra Archaeological survey of India p .55 (1956)

ගෞතම බුදුරජාණන් වහන්සේ පමණක් නොව අනාගතයේදී බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේද මෙහි සිතුවම් කර ඇත. මෙම දොරටුව මුදුනේද හරස් අතට විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන සහ කාශ්‍යප යන බුදුවරුන්ද, උන්වහන්සේලා වෘක්ෂයන් සෙවනේද වැඩ සිටින ලෙසින් නිර්මාණය කර ඇත.

මෙම ගුහාවේ දොරටුවේ මුදුනින්ම නිරූපිත වූ බුදුරජාණන් වහන්සේලාට පහළින් නිරූපිත සිතුවම් යක්ෂ යුවලයන් බව Mural Painting  නමැති ග්‍රන්ථය ලියු ඝෝෂ මහතා සඳහන් කරයි. මෙම ගුහා ද්වාරයේ විශේෂිත වූ ලක්ෂණයක් නම් ද්වාරය දෙපස කාන්තා රූප දෙකක් පිඨිකා මත නිර්මාණය කර තිබීමය.

මෙම බිතුසිතුවම් ගුහාවලට ඇතුළුවන දොරටු මෙසේ අලංකාර කර ඇතත් ඒවා බොහෝ විනාශයට පත්වී ඇති බව දක්නට ලැබෙන කරුණකි. මේ පිළිබඳ ආචාර්ය ආනන්ද ගුරුගේ මහතා මෙසේ සඳහන් කරයි. ශතවර්ෂ ගණනාවක් තුළ කෙමෙන් දියුණුවට පත්වූ අජන්තා ගුහා බිතුසිතුවම් නිර්මාණයන් ක්‍රිස්තු පූර්ව යුගයේ පළමුවැනි සියවසේ සිට ක්‍රි.ව. සත්වන සියවස තෙක්ම නිර්මාණය වූ බව විද්වතුන් විසින් පෙන්වා දෙනු ලබන කරුණකි. එක් එක් වර්ෂවලදි නිර්මාණය කරනලද සිතුවම් යැයි වර්ග දැක්වීම අපහසුය. වරින් වර අඳින ලද බිතුසිතුවම්වලින් පෙනී යන්නේ අජන්තා ගුහාවල මෙම බිතුසිතුවම් නිර්මාණය කිරීමේ කාර්යය නොකඩවා පවත්වා ගෙන යන ලද සිරිතක් බවය. ක්‍රමයෙන් විහාර විශාල කිරීම සඳහා අලුත් ගුහා තනවනු ලැබීය. අජන්තා බෞද්ධ ලෙන් විහාරවලට අයත්වූ මෙම බිතුසිතුවම් හදිසියේ විනාශ වූ බව පැහැදිලි ලෙසින් පෙනෙන්නේ මෙසේ අරඹන ලද සමහර ගුහා සම්පූර්ණ කර නැති බැවිනි. අඩක් කැණීම් කර ඇති (ගුහා සෑදීම සඳහා) ගුහා කීපයකින් පෙනෙන්නේ අජන්තාවේ අවසානයද අනෙකුත් ඉන්දියානු බෞද්ධ සිද්ධස්ථානවල විනාශය මෙන් සතුරු වියවුල් සිදුවු නිසා වූ බවය.

(දඹදිව බෞද්ධ කලාව ආචාර්ය ආනන්ද ගුරුගේ පි. 30 – (1962)


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 68:: අජන්තා බිතු සිතුවමෙන් නිරූපිත නාලාගිරි දමනය

 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජුනි 30 වන දා සිකුරාදා අපරභාග 6 ට ලබයි. ජූලි 01 වන දා සෙනසුරාදා අපරභාග 06.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 01 වනදා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ජූලි 08 වන දා සෙනසුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]