Print this Article


දෙහිවල ශ්‍රී මහා බෝධි විහාරයේ අභිනව ධර්මශාලා මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයෙන්.....

දෙහිවල ශ්‍රී මහා බෝධි විහාරයේ අභිනව ධර්මශාලා මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයෙන්.....

 

දෙහිවල ශ්‍රී මහා බෝධි විහාරයේ අභිනව ධර්මශාලා මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 26 වනදා පැවැත්විණි. ෆීලික්ස් පෙරේරා මහතාගේ ධන පරිත්‍යාගයෙන් අභිනව ධර්ම ශාලා මන්දිරය ඉදිකර ඇත. විහාරාධිපති විශ්‍රාමලත් ධර්මාචාර්ය මිහිරිපැන්නේ සෝභිත නාහිමියන් විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා විසින් උන්වහන්සේ වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, එගොඩමුල්ලේ අමරමෝලි මහා නාහිමි, මාඋස්සාගොල්ලේ ලංකානන්ද නාහිමි ඇතුළු මහ සඟරුවනද රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු පියතුමන් ඇතුළු පූජකවරුන් සහ අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ , පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් ඇතුළු ප්‍රදේශවාසී සැදැහැවතුන් විශාල පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.