Print this Article


මංගල දම් දෙසුම ඇසළ පෝදා

මංගල දම් දෙසුම ඇසළ පෝදා

පිළියන්දල, සිද්ධමුල්ල ශ්‍රී සංඝාරාම පුරාණ විහාරවාසී ටැම්පිටියේ දමිත පොඩි හාමුදුරුවන් වහන්සේ ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ පාර්ශවයේ මහානායක, අනුනායක, කාරක මහා සංඝසභාව මගින් 29 වන දින අධි සිල් ලැබූහ.

ටැම්පිටියේ දමිත පොඩි හාමුදුරුවෝ නුගේගොඩ සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනේ උසස් අධ්‍යාපනය හදාරන අතර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කාරක සංඝ සභික ඇමෙරිකා එක්සත් ජනපදයේ ග්‍රේඩ් ලේක්ස් බෞද්ධ විහාරය, කැනඩාව ඔටාවා හිල්ඩා ජයවර්ධනාරාමය, සිද්ධමුල්ල සංඝාරාමය යන විහාරස්ථානයන්හි විහාරාධිශ්වර රාජකීය පණ්ඩිත බ්‍රාහ්මණගම මුදිත හිමියන්ගේ ශිෂ්‍ය නමකි. උපසම්පදාවෙහි පිහිටුවා වැඩමවන ටැම්පිටියේ දමිත හිමියන්ගේ මංගල ධර්ම දේශනය ඇසළ පොහෝදින පෙරවරු 9 සිට 10 දක්වා විහාරස්ථ ධර්මශාලා මන්දිරයේ දී පැවැත්වේ.