UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අ.පො. ස උසස් පෙළ විභාගය 2017: ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ ශිෂ්ටාචාරය අභ්‍යාස - 8

අ.පො. ස උසස් පෙළ විභාගය 2017:

ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ ශිෂ්ටාචාරය අභ්‍යාස - 8

වඩාත් නිවැරැදි පිළිතුරෙහි අංකය ඉදිරියේ ඇති වරහන් තුළ ලියන්න .

1) බ්‍රාහ්මණ ඉගැන්වීමට අනුව කාමයෙහි නොඇලීම හා රාජ්‍ය පාලනය ස්වධර්මයක් වන්නේ මින් කවර පිරිසටද?

1. බ්‍රාහ්මණ කුලවලටය
2 .ක්ෂත්‍රිය කුලවලටය
3.වෛශ්‍ය කුලවලටය
4.වේද වේදාංග දත් අයටය
5.ඍෂිවරුන්ටය

2) වර්ණ ධර්මයන්ට අනුව ඒ ඒ වර්ණවලට අයත් කාර්ය නියම කරනු ලබන බ්‍රාහ්මණික ඉගැන්වීම හැඳින්වෙන්නේ මින් කුමකින්ද?

1. වර්ණධර්ම
2. ආශ්‍රමධර්ම නමිනි
3. ස්වධර්ම නමිනි
4. ආපද්ධර්ම නමිනි
5. නියාමධර්ම නමිනි

3) “පරලොවක් ඇද්දැයි විමසුවහොත් ඇතැයි කියා ද නැද්දැයි විමසුව හොත් නැතැයි කියාද ඇද්ද නැද්ද යැයි විමසුවහොත් ඇත නැත යනුවෙන් පිළිතුරු සපයන ශාස්තෘවරයා මින් කවරෙක්ද?

1. පූරණකස්සපය
2. මක්ඛලීගෝසාලය
3. සංජයබෙල්ට්ටිපුත්තය
4. පකුධකච්චායනය
5. අජිතකේසකම්බිලිය

4) බුදුසමයෙන් කාන්තාවන්ට පූර්ණ ආගමික නිදහසක් ප්‍රදානය කොට ඇති බව සනාථ වන්නේ,

1. බුදු සසුනේ කාන්තා පැවිද්දට ඉඩ ලබාදීමෙනි
2. නිවසේ ආධිපත්‍ය බිරිඳට ලබාදීමෙනි
3. ස්වාමියාට හා බිරිඳට සාමාජික වශයෙන් සමානව කටයුතු කිරීමට අවකාශ ලබා දීමෙනි
4. රජුන් පවා තනන මව බෞද්ධ සාහිත්‍යය තුළ උසස් ලෙස අගය කොට තිබීමෙනි
5. මවක් වශයෙන් කාන්තාව බුදුසමය තුළ පූජනීත්වයට පත් කොට තිබීමෙනි.

5) ශ්‍රමණ සම්ප්‍රදාය, බ්‍රාහ්මණ සම්ප්‍රදායයෙන් වෙනස් වන මූලික ලක්ෂණය මින් කුමක්ද?

1. ඤාණමාර්ගය නො පිළිගැනීමයි
2. ශුද්ධ වූ ආගමික ග්‍රන්ථ ප්‍රාමාණිකත්වයෙන් නො පිළිගැනීමයි
3. අනිශ්වරවාදය නො පිළිගැනීමයි
4. අත්තකිලමතානුයෝගය නොපිළිගැනීමයි
5. අනගාරික ප්‍රතිපදාව නොපිළිගැනීමයි

6) අවන්ති රාජ්‍යයේ බුද්ධකාලීන පාලකයා වූයේ

1 .පසේනදී කෝසල රජුය
2. සේනිය බිම්බිසාර රජුය
3 .අජාසත් රජුය
4.උදේන රජුය
5.චණ්ඩප්පජ්ජෝත රජුය

7) “සාවක සංඝ” නමින් හැඳින්වෙන පිරිසට අයත් ආර්ය ශ්‍රාවකයෝ

1. භික්ෂු සංඝයා තුළ පමණක් සිටිති
2. භික්ෂුණී සංඝයා තුළ පමණක් සිටිති
3. උභතෝ සංඝයා තුළ පමණක් සිටිති
4. උපාසක උපාසිකා දෙපක්ෂය තුළ පමණක් සිටිති
5.සිව්වණක් පිරිස තුළම සිටිති

8) සිඟාලෝවාද සූත්‍රයෙහි සදිසා නියෝජනය වන පරිදි විවිධ සමාජ සංස්ථා හඳුන්වා දී තිබේ. මේ අනුව උතුරු දිසාවන් නියෝජනය වන සමාජ සංස්ථාව වන්නේ,

1. දෙමවුපියෝය
2. ආචාර්යවරුය
3. මිත්‍ර– කුලපුත්‍රයෝය
4. ශ්‍රමණ – බ්‍රාහ්මණයෝය
5. සේව්‍ය – සෙවකයෝය

9) සිඟාලක ගෘහපති පුත්‍රයා විසින් අනුගමනය කරනු ලැබූ පිළිවෙතක් දුටු බුදුරදුන් ඒ වෙනුවට සමාගත ජීවිතයේදී පුද්ගලයා විසින් ඉටු කළ යුතුකම් හා වගකීම් සමුදායක් පෙන්වා දී ඇත. සමාජයේ යහපැවැත්මට හේතු වන එකී යුතුකම් අතුරෙන් පරම්පරාවෙන් උරුම වන සම්පත් රැක ගැනීම

1. දෙමවුපියන්ගේ වගකීමකි
2. දරුවන්ගේ වගකීමකි
3. ස්වාමිපුරුෂයාගේ වගකීමකි
4. බිරිඳගේ වගකීමකි
5 .සේවකයන්ගේ වගකීමකි

10) ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට තෝරාගත් නගරය වූයේ මින් කුමක්ද?

1. රජගහනුවරය
2. කුසිනාරා නුවරය
3. සැවැත් නුවරය
4. පැළලුප් නුවරය
5. විශාලා මහනුවරය


පිළිතුරු

1-2
2-3
3-3
4-1
5-2
6-5
7-5
8-3
9-2
10-1

 

පොසොන්
අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූනි 23 වන දා සිකුරාදා පූර්ව භාග 11.50 ට ලබයි. 24 වන දා සෙනසුරාදා පූර්ව භාග 8.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය ජූලි 01 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]