UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට සමගාමිව පැවැත් වූ බුදුසරණ කථික තරගයේ හා දීප ව්‍යාප්ත රචනා තරගයේ ජය ලද්දෝ

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට සමගාමිව පැවැත් වූ බුදුසරණ කථික තරගයේ හා දීප ව්‍යාප්ත රචනා තරගයේ ජය ලද්දෝ

මිහින්තලා ලේක්හවුස් ආලෝක පුජාවට සමගාමීව පැවැත්වූ බුදුසරණ කථික තරගයේ හා දීප ව්‍යාප්ත රචනා තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරිම මිහින්තලා ආලෝක පූජා පුණ්‍ය උත්සවයේ අවසාන දිනයේදි(11) සිදු කෙරිණි. උතුරුමැද පළාතේ පාසල් හා දහම්පාසල් සිසු දරුවන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබු එම කථික තරගය ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ යන අංශ දෙක යටතේ පැවැත්විණි.මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් හා මෙහෙයවිමෙන් මෙය ක්‍රියාත්මක කළේය

දිප ව්‍යාප්ත රචනා තරගය හා කථික තරගයේ තිළිණ සඳහා ජාතික ඉතිරි කිරිමේ බැංකුව මුල්‍ය දායකත්වය දක්වා තිබිණි.

 

 ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය එස්.එම් සයිනි සචිකා සෙනවිරත්න, අනුරාධපුර මධ්‍ය මහ විද්‍යාලය, දෙවන ස්ථානය බි.එච් තිලකරත්න, අනුරාධපුර ශාන්ත ජෝශප් මහා විද්‍යාලය, තෙවන ස්ථානය ආර්.එම් වරුණි හසන්තිකා රාජකරුණා - අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය, සිව්වන ස්ථානයේ සිට එච්.එම් අංජනා මධුභාෂිණි, ටී.ටී තිලකරත්න, සනි කාවින්ද්‍යා සෝමරත්න, ආර්.එම් කාවින්ද්‍යා හේමචන්ද්‍ර,හා උපේක්ෂා කවිදි ඒකනායක, ,පී.සුභාෂ් අරුණ ප්‍රසන්න, දිමුතු කුමාර,යන සිසු සිසුවියන් විසින් දසවන ස්ථානය දක්වා හිමි කර ගත් අතර එහිදී ආරාධිත අමුත්තන් සමග සමූහ සේයාරුවකට පෙනී සිටි අවස්ථාව.

කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය බි.එම් පියුමි ශ්‍යාමා බණ්ඩාරණායක,අනුරාධපුර දීපානි මහා විද්‍යාලය,දෙවන ස්ථානය ඉංදිවරි මංජුලා ජයවර්ධන,අනුරාධපුර මිහිදු දහම් පාසල තෙවන ස්ථානය යු.ආර් ඉසුරිකා ජයංගනි, අනුරාධපුර මිහිදු දහම් පාසල, සිව් වන ස්ථානයේ සිට එස්.එච් භාග්‍යා සෙව්වන්දි කුමාරි හා ආර්.ඩී ඉරේෂා මධුවන්ති, උදිත් මනුෂ කරුණාතිලක,දිලිනි දිල්සාරා ජයකොඩි ,එස්.පී උමේෂා සෙව්වන්දි ,ඒ.එස් ෆාතිමා ෆර්හානා, විශාකා රාජපක්ෂ,යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් දසවන ස්ථානය දක්වා ත්‍යාග තිළිණ හා සහතික පත් ලබා ගන්නා ලද අතර ආරාධිත අමුත්තන් සමග සමූහ සේයාරුවකට පෙනී සිටි අයුරු

රචනා තරගයේ දෙවන ස්ථානය හිමිකර ගත් පොල්ගහවෙල පරාක්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයේ කේ. ඒ. හසන්ති නම්තරා ලක්මිණි සහ නවවන ස්ථානය හිමිකරගත් මාතර නාදුගල සිරිවිමලාරාම දහම් පාසලේ එච්. ජී. බිනුකා දේවින්දි ආරාධිත අමුත්තන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු

.ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් එස්.එම් සයිනි සචිකා සෙනවිරත්න, අනුරාධපුර දිසාපති ආර්.එම් වන්නිනායක මහතා වෙතින් තිළිණ ලබා ගත් අයුරු

කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය හිමිකර ගත් බි.එම් පියුමි ශ්‍යාමා බණ්ඩාරණායක, අනුරාධපුර දිසාපති ආර්.එම් වන්නිනායක මහතා වෙතින් තිළිණ ලබා ගත් අයුරු

 

පොසොන්
අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූනි 23 වන දා සිකුරාදා පූර්ව භාග 11.50 ට ලබයි. 24 වන දා සෙනසුරාදා පූර්ව භාග 8.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය ජූලි 01 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]