UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෙනස් වීමේ රහස

මේ කතාවට සම්බන්ධ කාන්තාව රෙදිපිළි කර්මාන්තයට සම්බන්ධ වී සිටි තැනැත්තියක්.එය සිඩ්නි නුවර ඉතා සාර්ථකව කරගෙන ගිය ව්‍යාපාරයක්. එක්තරා දවසක ලොකු ගිවිසුමකට අත්සන් කිරීමට ඇයට ලන්ඩන් නගරයට යෑමට සිදුවුණා. තමන් කරගෙන ගිය විලාසිතා ව්‍යාපාරයට ඉතා වැදගත් වන ගිවිසුමක් පිළිබඳ කටයුතු කිරීමටයි ඇය ලන්ඩනයට ගියේ.

ඇය කෙළින්ම සිඩ්නි නුවර සිට ලන්ඩනයට ගුවන් යානයෙන් ගියා. එය වෙහෙසකර ගමනක්. නමුත් මේ කාන්තාව ගුවන් යානයෙන් බැස්ස හැටියෙම, කෙළින්ම ඈ නතර වන හෝටලයට ගිහින්, ඇඟපත සෝදාගෙන, තමන්ගේ ගිවිසුම පිළිබඳව කටයුතු කරන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයට ගියා. ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා හමුවන්නට ඇයට ඕනෑ වී තිබුණා. බොහොම වෙහෙස මහන්සි වී සිටියත්, ඇගේ වුවමනාව ඉෂ්ට කරගන්න මෙලෙස එම ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයට ගියත්, කාර්යාලයේ දී හමු වූ අනිත් අධ්‍යක්ෂකවරු මෙන්න මෙහෙම කිව්වා.

“ඔබ නිකම් ඔබේ කාලය නාස්ති කර ගන්නවා. පුළුවන් ඉක්මනට ආපසු සිඩ්නි නුවරට යන්න. අපේ කලමණාකාර අධ්‍යක්ෂවරයා අද උදෑසන බොහොම තරහෙන් සිටියා. වෙනත් බොහෝ දවස්වල සතුටෙන් සිටියත් අද නම් එයාට හරිම නරක දවසක් ලැබුවා වගේ තරහෙන් පුපුරමින් ඉන්නෙ. එයා අපටත් කෑගැසුවා. අද නම් ඔයාට මොනම විදිහකටවත් ඔය ගිවිසුමට නම් එයාගේ අත්සන ගන්න බැරි වේවි. ඒක නම් කරන්න බැරි වැඩක්.”

නමුත් මේ ගිවිසුම ඔහු ලවා අත්සන් කරගන්නට තමන්ට හැකිවන බව මේ කාන්තාවට හොඳට විශ්වාසයි. මක්නිසාද කිව්වොත් ඇය භාවනාව ඉගෙන ගෙන තිබුණා. බුද්ධාගම ඉගෙනගෙන තිබුණා. සිදු වුණේ කුමක්දැයි ඔබ දන්නවාද?

“හොඳයි. මම ඔහු එන තුරු මෙතනට වී සිටිනවා. ඔහු හමු වී මගේ වැඩ කර ගන්නවා.” යැයි ඇය ඔවුන්ට කිව්වා. ඉන්පසු ඇය ඔහු එනතුරු විනාඩි 15 ක් පමණ එතැනට වී සිටියා. එසේ සිටින අතරවාරේ ඔහු සමඟ කටයුතු කරන්නේ කොහොමදැයි සිතා බලමින් ඇය ඒ සඳහා ලකලැහැස්ති වුණා. මේ අමනුස්සයෙක් වැනි නපුරු මිනිසා සමඟ කටයුතු කරන්න ඇය හරිබරි ගැහුණා. ඇය කාමරයේ මුල්ලකට ගිහින්, වාඩි වී මෛත්‍රී භාවනාව කරන්න පටන් ගත්තා. ටික වේලාවකින් ඇයගේ භාවනාවට බාධා කරමින් අර නපුරු කලමණාකාර අධ්‍යක්ෂවරයා එතැනට ආවා.

“ඔයා කවුද?” ඔහු තරහෙන් කෑගැසුවා. ‘මොනවාද? ඔයාට ඕන වෙලා තියෙන්නේ.”

තමන් ආවේ කුමකටදැයි කියන්නට පෙර ඇය වාඩිවී සිටි ආසනයෙන් නැගිට, ඔහු දිහාවට ගොස් බොහෝම මෛත්‍රී සහගතව බැලුවා. ඉන්පසු ඈ දිහාම බලාගෙන සිටි ඔහුට ඇය මෙහෙම කිව්වා.

“ඔයාට මගේ පුංචි දුව හෙලීට වගේ ලස්සන නිල්පාට ඇස් දෙකක් තිබෙනවා.”

“ඇත්තටම” ඔහු ඇසුවා.

ඉන්පසු ඔහු සන්සුන් වුණා. මිනිත්තු පහක් යන්නට පෙර ගිවිසුමත් අත්සන් කළා. මේ පුදුමාකාර සිදුවීම සිදු වුණේ මෛත්‍රීය නිසා බව පසුව ඇය මට කිව්වා. ඇය අවංකව ම ඔහුට මෛත්‍රී සහගත වුණා. එතැනට එන්න පෙර විනාඩි 15 ක් ඇය මෛත්‍රී භාවනාවේ යෙදී සිටි නිසා එය එසේ වුණ බව ඇය මට කිව්වා. එය පල දුන්නා. හිතේ තරහක් ඇති වුණාම එය මෛත්‍රීය මඟින් මැඩ පවත්වන්න පුළුවන්. මෙතැනදීත් එය එසේම වුණා. ඇයට අර ගිවිසුම ඔහු සමඟ අත්සන් කිරීමට හැකි වුණා. අර කලමණාකාර අධ්‍යක්ෂකවරයා කාමරෙන් පිට වූ සැනෙන් හරිම විනෝදජනක දෙයක් සිදු වූ බව ඇය කිව්වා. අනිත් සියලුම අධ්‍යක්ෂවරු ඇයට එතැනින් යන්න දුන්නේ නැහැ. ඇය ඒ වැඩේ කළ හැටි ඔවුන්ට ද උගන්වන්න යැයි ඔවුන් ඇයට අයැද සිටියා.

 

පොසොන්
අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූනි 23 වන දා සිකුරාදා පූර්ව භාග 11.50 ට ලබයි. 24 වන දා සෙනසුරාදා පූර්ව භාග 8.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය ජූලි 01 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]