UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රහසත් පව් නොකර රහසින් ද පින් කරන්න

රහසත් පව් නොකර රහසින් ද පින් කරන්න

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ප්‍රසන්න සිතින් සිතීම, කතා කිරීම, ක්‍රියා කිරීම යහපත් දේ ළඟා කර දෙන බවයි. අප්‍රසන්න, දුෂ්ඨ (පව්) සිතින් සිතීම, කතා කිරීම, ක්‍රියා කිරීම දුක් කරදර ලුහුබැඳීමට හේතුවන බවයි.

සාමාන්‍යයෙන් අපගේ සිත් කෙලෙසුන්ගෙන් බරවී තිබෙනවා. පවට නැඹුරු වෙනවා. යහපත් දේ සඳහා ‘දැන් මට බෑ’, අමාරුයි. පස්සේ කරනවා වැනි පසුගාමී සිතිවිලි ඇති වෙනවා. අයහපත් දේට ආශාවෙන්, වීර්යෙන් ඒවා ඉටු කර ගන්නට පෙළඹෙනවා. දිවි හානි කර ගැනීම, ලිංගික අපචාර, පහරදීම්, ඝාතන ආදී සියලු හානිකර ක්‍රියාවන්ගේ ආරම්භය රහසින් සිතන සිතිවිලියි. එනම් රහසින් පව් කිරීමයි. මෙලෙස රහසින් පව් සිතිවිලි ඇතිකර ගැනීම කෙලෙස් ප්‍රහීණ කර නැති ලෝකයේ ස්වභාවයයි. එය හොඳින් අවබෝධ කරගෙන පුරුදු පුහුණු කිරීමෙන් රහසින් පව් නොකර සිටීම කළ හැකියි. ඒ අතර

අන් අයට නොදැනුවත්වම රහසින් පින් කිරීම, යහපත් දේ සිතීම, මිතුරු සිතිවිලි ගොඩ නැඟීම අප විසින් කළ යුතුයි. අන් ජීවිත ආරක්ෂාව, සුබවාදී සොයා ගැනීම්, හරවත් නිර්මාණයන් ආදී බොහෝ දේ ලොවට බිහිවන්නේ ප්‍රසන්න සිතිවිලි උපකාරයෙන්.

ඉගෙන ගන්නා කාලය තුළ සිතේ ගොඩනැගෙන ලිංගික ආසාවන්, නිතර මිතුරන් ඇසුරු කිරීමේ ආශාව, මත් වතුර ගැනීමේ උනන්දුව, විවිධ දේ ගැන කුතුහලය, මවුපියන් සහ වැඩිහිටි අවවාද නුරුස්සන බව, අමනාපය, තරහ , යහපත් වැඩ කෙරෙහි දක්වන උදාසීන බව, අනවබෝධය , මුලාව, රණ්ඩුවලට පැටලීම සහ දුකෙන් කල් ගෙවීම යන මේ සියල්ල සිත තුළ නැගෙන බාධාකාරි හානි කර කෙලෙස් අදහස්. රහසින් මේවා සිත් තුළ තබා ගැනීම හෝ ඒ අනුව කතා කිරීම බියකරුය. හානිකරය. රෝගකාරීය. කායික හා මානසික ගැටලු ඇති කරන්නේය.

පවුල් ජීවිත ගත කරන ස්වාමි – භාර්යාවන් තුළ බොහෝවිට ඇත්තේ මනස අප්‍රසන්න (පව්) කරගත් සිතිවිලි රටාවකි. ඇතැම් අය ඒවා එළිපිට ම ප්‍රකාශ කරමින් හැසිරෙති. තවත් අය අප්‍රසන්න බව සිත තුළ සඟවාගෙන (රහසින්) ජීවිතය ගත කරති. අරහං බුදුගුණය පිහිට කර නොගැනීම නිසා, ඔවුහු දුකින් කෝපයෙන් මනුෂ්‍ය ජීවිතය ගත කරති. මෙම තත්ත්වය ඔවුන්ගේ ජීවිතවලට ද, දරුවන්ටද, ඔවුන් ඇසුරු කරන සෙසු අයට ද ගැටලු ඇති කරයි. අරහං බුදුගුණය ප්‍රායෝගිකව ම පිහිට කර ගත් අය තම සිත තුළ රහසින් කෙරෙන පව්, (සැඟවුණු කෙලෙස්) ඉවත් කර සතුටින් ජීවිත ගත කරති.

මේ ආකාරයට පුද්ගලයා තුළ ඇති වන අසුභ මානසික රටාවන් නිසා තමන් හා තමන් සේවය කරන ස්ථානය ජීවත් වන සමාජය පවා පීඩාවට පත් කර ගනී.

ඉගෙනීමෙන් පහළ මට්ටමේ සිටින අයෙක් වූව ද රහසින් ම මට පුළුවන්, මම ඉදිරියට ම යනවා, මම විෂයන්වලට ගරු කරනවා වැනි ප්‍රසන්න සිතිවිලි (පින්) සිතීම මඟින් ඔහුට ඉදිරියේ මෙම රහසින් පින් කිරීම නිසාම කාලයත් සමඟම දියුණුව අත් කර ගත හැකියි. ඉගෙනීමට මෙන් ම සෙසු සැම සුභ කාර්යයන් උදෙසා රහසින් පින් කිරීම ඉතාමත් වැදගත් බව පැහැදිලි කර ගත හැකියි. වත්මන් ලොව තුළ මෙම රහසින් පින් කිරීම ස්වයං යෝජනා ලෙස නම් කරගෙන තිබේ. තම ශ්‍රාවකයිනට ලෞකික හා ලෝකෝත්තර යහපත ලබාදීම උදෙසා මෙම සිත පිළිබඳව න්‍යායන් බුදුරජානන් වහන්සේ ප්‍රායෝගිකව තහවුරු කර පෙන්වා දුන් සේක.

 

පොසොන්
අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූනි 23 වන දා සිකුරාදා පූර්ව භාග 11.50 ට ලබයි. 24 වන දා සෙනසුරාදා පූර්ව භාග 8.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය ජූලි 01 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]