Print this Article


මිහිඳු මහා පෙරහර 25 දා

මිහිඳු මහා පෙරහර 25 දා

රන් පොකුණගම බෞද්ධ මහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන අනුබුදු මිහිඳු මහා පෙරහ ලබන 25 වැනි දා පස්වරු 6.00 ට රන්පොකුණගම අවසාන වටරවුම අසලින් ආරම්භ වී වීථි සංචාරය කෙරේ.

ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන අත්තනගලු පුරවරයට ආලෝකයක් වෙමින් රන්පොකුණගම බෞද්ධ විහාරය කේන්ද්‍රකොටගෙන අලි ඇතුන්, නර්තන ශිල්පීන්, භේරී වාදකයින් ඇතුළු පංචතූර්ය වාදනයෙන් සපිරි බෞද්ධ සංස්කෘතිකාංගයන්ගෙන් සමලංකෘතව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට පූජා ප්‍රසාද පිණිස මෙවර මිහිඳු මහා පෙරහර සංවිධානය කෙරෙන්නේ 23 වැනි වරටය.