Print this Article


අඹන්වල වනරතන නාහිමි ගුණ සමරුවට පින්කම්

අඹන්වල වනරතන නාහිමි ගුණ සමරුවට පින්කම්

ගම්පොළ, නාරංවිට පුරාණ විහාරාධිපතිව වැඩ වෙසෙමින් ලෝ සසුන් වෙත උදාර සේවාවක් සිදුකොට අපවත් වී වදාළ “උඩපළාත ප්‍රධාන අධිකරණ සංඝ නායක ශාස්ත්‍ර විශාරද පණ්ඩිත අඹන්වල වනරතන නාහිමියන්ගේ 12 වන ගුණ සමරු පින්කම විහාරස්ථාන දෙකකදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව වරකාපනේ සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මස 18 වන දින නාරංවිට පුරාණ විහාරස්ථානයේ දී ද, සිවුරුපිටියේ සිරිසීවලී, අඹන්වල සුමංගල යන හිමිවරුන්ගේ අනුශාසනා පරිදි මෙම මස 25 වන දින කොත්මලේ තිස්පනේකන්ද සම්බෝධි විහාරස්ථානයේ දී ද සඟසතු දානමය පින්කම් පැවැත්වේ.