Print this Article


පඤ්ඤාසිරි හිමියන්ගේ පැවිදි දිවිය සමරා පින්කම්

පඤ්ඤාසිරි හිමියන්ගේ පැවිදි දිවිය සමරා පින්කම්

හෝමාගම බෙරුකැටිය සිරි පඤ්ඤාරාමය ගොඩනගමින් හා බෞද්ධ දරු දැරියන්ගේ අධ්‍යාපනයේ දියුණුව සඳහා යසෝධරා දහම් පාසල ආරම්භ කොට පවත්වාගෙන යමින්, 50 වසරක් තිස්සේ ලෝකශාසනික සේවාවක නිරතවන විහාරාධිපති විශ්‍රාමලත් පරිවෙණාචාර්ය මාලිම්බඩ පඤ්ඤාසිරි හිමියන්ගේ පැවිදි දිවියට පනස් වසරක් සහ උපසම්පදා දිවියට 46 වසරක් පිරීම නිමිත්තෙන් ජූලි 15 වන සෙනසුරාදා පින්කම් මාලාවක් පවත්වා උන්වහන්සේට ආශිර්වාද කිරීමට විහාරස්ථ දායක සභාව සහ දහම් පාසල කටයුතු යොදා තිබිණි. ඒ අනුව ජූලි 15 වන දින උදෑසන නව විහාර මන්දිරයේ පිළිම වහන්සේලාට මුල්ගල් තැබීම හා ධාතු මන්දිරයට මුල්ගල් තැබීම සිදු කරන ලදී.