Print this Article


පොළොන්නරුව සෝමවතී රජමහා විහාරයේ සති පිරිත් දේශනාව මෙවරත්

පොළොන්නරුව සෝමවතී රජමහා විහාරයේ
සති පිරිත් දේශනාව මෙවරත්

පොළොන්නරුව සෝමවතී රජමහා විහාරයේදී රටට සෙත්පතා වාර්ෂික සති පිරිත් දේශනාව ජුනි 29 වනදා ආරම්භ කෙරේ.

ජුලි 05 වනදා දේවදූත පෙරහර සහ දොරකඩ අස්න අනුශාසනාව පැවැත්වේ. 6 වනදා දවල් 75 පමණ මහ සඟරුවන විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාව පිරිනැමෙන බව සෝමවතී රජමහා විහාරාධිපති විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියෝ පැවසූහ. ජුලි 8 වනදා දක්වා පැවැත්වෙන එම පින්කම් මාලාවට පැමිණ සහභාගි විය හැකි බවද උන්වහන්සේ පැවසූහ.