Print this Article


වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ල විවෘතයට පින්කම් මාලාවක්

වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ

තෙමහල් ගොඩනැගිල්ල විවෘතයට පින්කම් මාලාවක්

වේයන්ගොඩ ශාන්තමරියා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ල මේ මස 26 දින සිසු අයිතියට පත් කෙරේ. මෙම ගොඩනැගිල්ල අත්තනගල්ල අරහන්ත රජමහා විහාරාධිපති පන්නිල ආනන්ද නාහිමියන්ගේ දායකත්වයෙන් ඉදිවූවකි.

එම සද්කාර්යයට කෘතගුණ සැලකීමක් වශයෙන් ඒ සඳහා දායකවූවන්ට සෙත් පතා පින්කම් මාලාවක් පැවැත්වීමට විද්‍යාලයේ විදුහල්පති බී.ඩී.අයි.කේ. කරුණාරත්න මහතාගේ මඟපෙන්වීම මත විද්‍යාලයේ බෞද්ධ සංගමය කටයුතු යොදා ඇත.

මෙම මස 16 වැනි දින රාත්‍රී ආලෝක පූජාවක් සහිත පරිත්‍රාණ ධර්මදේශනාවකි. ඒ සඳහා කරඬුව වැඩමවීම රාත්‍රී 8.00 ට වේයන්ගොඩ බෝධිමංගලාරාමයේ සිට දර්ශනීය පෙරහරකින් සිදුකෙරේ. පසු දින අර්ධ ශතාධික සංඝයා වහන්සේ විෂයෙහි අෂ්ඨ පරිෂ්කාර සහිත සංඝගත දක්ෂිණාවක් පැවැත්වේ. මෙම පින්කම් මාලාව විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති දෙකිඳ සිරිරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන අතර පාසල් සංවර්ධන සමිතිය හා මවුපියන් දායකත්වය දක්වති.