Print this Article


කලල්පිටියේ විමලධම්ම හිමියෝ නායක පදවි ලබති

කලල්පිටියේ විමලධම්ම හිමියෝ නායක පදවි ලබති

අලව්ව මැදගම්පල රජමහා විහාරාධිපති අලව්ව ශ්‍රී රාහුල පාසලේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති කලල්පිටියේ විමලධම්ම හිමියන්ට සියම් මහා නිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහා නා හිමියන් ප්‍රමුඛ සානුනායක විංසද්වර්ගික කාරක මහා සංඝ සභාව විසින් සද්ධර්ම කීර්ති විමලබුද්ධි ගෞරව නාමය සහිතව දඹදෙණි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය පිළිබඳ සන්නස්පත්‍රය පිළිගැනීම ජුනි 15 වැනි දින මහනුවර අස්ගිරි මහා විහාරීය රාජකීය මංගල උපෝසථාගාරයේදී සිදුකිරීමට නියමිත වූ අතර ජුනි 16 වන දින මැදගම්පල රජමහා විහාරයේදී උන්වහන්සේ පිළිගැනීමේ මහ උත්සවයක් සංවිධානය කර තිබිණි.