Print this Article


උඩරට අමරපුර නිකායේ උපසම්පදාව ජුනි 23-24

උඩරට අමරපුර නිකායේ උපසම්පදාව ජුනි 23-24

උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතිකා කාරක සංඝ සභාවේ උපසම්පදා පුණ්‍යෙීත්සවය ජුනි මස 23-24 දිනයන්හි පේරාදෙණිය, ගන්නෝරුව ශ්‍රී මහා බෝධි සීමා මාලකයේදී සිදුකෙරෙන බව ජ්‍යෙෂ්ඨ කාරක සභික මාතලේ විද්‍යානන්ද පරිවේනාධිපති ශාස්ත්‍රවේදී බටුගොඩ සංකිච්චායන හිමියෝ සඳහන් කරයි.

උපසම්පදා අපේක්ෂක සාමණේර ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සිදුකරනු ලබන ධර්ම පරික්ෂණ විභාගය ජුනි 23 දින පේරාදෙණිය සුබෝධාරාමයේදී පැවැත්වේ. උඩරට අමරපුර නිකායේ මධ්‍යම පළාතේ අනුනායක රාජකීය පණ්ඩිත අත්තරගම වජිරජෝති නාහිමියන් ප්‍රධාන උපාධ්‍යායන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන උපසම්පදා විනය කර්ම කටයුතුවලට, මහනුවර, මාතලේ කෑගල්ල, ගම්පහ, අනුරාධපුරය , පොළොන්නරුව, කුරුණෑගල යන ප්‍රදේශවල සාමණේරයන් වහන්සේලා සහභාගි වෙති.