Print this Article


අභය වැව් තාවුල්ල සුන්දර පින් කෙතක් කරවන සත්විසි රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ

අභය වැව් තාවුල්ල සුන්දර පින් කෙතක් කරවන සත්විසි රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ

අනුරාධපුර ඓතිහාසික අභය වැව (අභයවාපි) පාමුල පිහිටි සිරි අභය විහාරය සහ භාවනා මධ්‍යස්ථානයේ ඉදිවෙන සත්විසි රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිර්මාණ කටයුතු ඉකුත් වෙසක් පොහෝ දිනට පසු දින අනුරාධපුර ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පල්ලේගම හේමරතන නාහිමියන්ගේ සුරතින් ශීලා ප්‍රතිෂ්ඨාපනය සිදු කිරීමෙන් ආරම්භ කෙරිණි.

ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ කල්‍යාණි සාමශ්‍රී ධර්ම මහා සංඝසභාවේ, උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය ඉසිලු රාජකීය පණ්ඩිත මතුගම ධීරානන්ද නාහිමියන්ගේ ආධිපත්‍යයෙන් යුතුව වැඩි දියණුවුණ සිරි අභය විහාරයේ වර්තමාන ආධිපත්‍යය දරමින් වැඩ වෙසෙන්නේ, අනුරාධපුර ස්වර්ණමාලි මහා සෑ මහා විහාර පිරිවෙනේ රාජකීය පණ්ඩිත මැදිරිගිරියේ සුමේධ හිමියන් විසිනි.