Print this Article


දීප ව්‍යාප්ත රචනා තරගය

දීප ව්‍යාප්ත රචනා තරගය

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනුග්‍රහයෙන් බුදුසරණ පුවත්පත මෙහෙයවීමෙන් පැවැති දීප ව්‍යාප්ත රචනා තරගයෙන් ප්‍රථම ස්ථානය නුගේගොඩ අනුලා විද්‍යාලයේ කේ. ඩබ්ලිව්. කේ.බී. ගිත්මි මධුෂාණි ශිෂ්‍යාව හිමි කර ගෙන ඇත.

එම තරගයේ දෙවන ස්ථානය පොල්ගහවෙල පරාක්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයේ කේ.ඒ.හසන්ති නම්තරා ලක්මිණී සහ තෙවන ස්ථානය නුගේගොඩ ශ්‍රී රේවත දහම් පාසලේ ඩබ්. කදිනි උපේකා වීරතුංග හිමිකර ගෙන ඇත.

එම රචනා තරගයේ සිව් වන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා පිළිවෙලින් කැලණිය විශාඛා බාලිකා විද්‍යාලයේ ජී.ඒ. ගුමුදි ඔනාෂා උභයවර්ධන, යෝගියාන වෑකඩ ධම්මනිකේතන දහම් පාසලේ ඒ යුදේශි කාව්‍යා ප්‍රසාදිනි, යෝගියාන වෑකඩ ධම්මනිකේතන දහම් පාසලේ අසුරප්පුලිගේ දුලානි සමාධිකා, අනුරාධපුර කුරුන්දන්කුලම මිහිඳු දහම් පාසලේ සී.කේ.එස්. දුල්මිණි උපේක්ෂා සුභසිංහ , බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මධ්‍ය මහා විද්‍යාලයේ ඒ.නිල්මිණි සුදර්ශනා කුමුදු කුමාරි ලංකාතිලක , මාතර නාදුගල සිරි විමලාරාම දහම් පාසලේ හේවා ගාල්ලගේ බිනුකා දේවින්දි සහ බෝපිටිය ශී‍්‍ර සුමන දහම් පාසලේ එස්.එම්. තෙනුරි උදාමි සෙනරත් හිමිකර ගෙන ඇත. මිහින්තලා පුදබිමේදී පැවැත්වෙන මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජෝත්සවයේදී අදාළ සිසු දරුවන් සඳහා ත්‍යාග හා සහතික පිරිනමනු ලැබේ.