Print this Article


දෙහිවල නව පොළොන්නරු ගල්විහාරයේ දී පොසොන් දම් දෙසුම් මාලාවක්

දෙහිවල නව පොළොන්නරු ගල්විහාරයේ දී

පොසොන් දම් දෙසුම් මාලාවක්

දෙහිවල නව පොළොන්නරු ගල් විහාරයේ දී පොසොන් පොහොය නිමිත්තෙන් විහාරාධිපති හෑඕවිට ගුණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා සීල භාවනා සංවිධානයේ සහ දහම් පාසලේ මෙහෙයවීමෙන් ජූනි 1 වන දා සිට 7 වන දා දක්වා ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ. ඒ අනුව දිනපතා රාත්‍රී 7.30 ට එම ධර්ම දේශනා පැවැත්වෙන අතර 1 වන දා මඩිහේ සුගතසිරි හිමි, 2 වන දා බොරැල්ලේ අතුල නාහිමි, 3 වන දා පාතේගම සුමනරතන හිමි, 4 වන දා මැදිරිගිරියේ සිද්ධාර්ථ හිමි, 05 වන දා පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 6 වන දා කහගොල්ලේ සෝමවංශ හිමි සහ 7 වන දා කොස්වත්තේ අරියවිමල හිමි එම දහම් දෙසුම පවත්වනු ලැබේ.