Print this Article


කොළඹ තරුණ බෞද්ධ සංගමය ධම්ම, අභිධම්ම, පාලි (සිංහල) විභාගය – 2017

කොළඹ තරුණ බෞද්ධ සංගමය ධම්ම, අභිධම්ම, පාලි (සිංහල) විභාගය – 2017

කොළඹ – 08, ඩී.එස්. සේනානායක මාවතෙහි පිහිටි කොළඹ තරුණ බෞද්ධ සංගමය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන ධම්ම, අභිධම්ම, පාලි( සිංහල) විභාගය 2017 නොවැම්බර් මස 25 සහ 26 දින දිනයන්හි පැවැත්වේ. ඒ සඳහා දහම් පාසල්වල හා පිරිවෙන්වල සිසුන් සහ ගුරුවරුන්ට ද, වයස සීමාවකින් තොරව පෞද්ගලික අයදුම්කරුවන්ට ද ඉදිරිපත් විය හැකි බව කියයි.

එම විභාගයේ ඩිප්ලෝමා පරීක්ෂණයෙන් සමත් වීම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා විභාගයට ඇතුළත්වීමට සුදුසුකමක් ලෙස පිළිගෙන ඇති බවද කියයි. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය – 2017.07.31 අදාළ අයදුම්පත් සඳහා මුද්දර ගසන ලද ලිපිනය සහිත ලියුම් කවරයක් ( 9 ය 4 ) ඉහත දක්වා ඇති ලිපිනයට එවීමෙන් ලබාගත හැකි බව කොළඹ තරුණ බෞද්ධ සංගමය කියයි.