Print this Article


කොක්මාදුව ශ්‍රී පුර්වාරාමයේ සියවස් සමරු පින්කම්

කොක්මාදුව ශ්‍රී පුර්වාරාමයේ සියවස් සමරු පින්කම්

වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාම පුරාණ විහාරස්ථානයට සිය වසරක් සපිරීම නිමිත්තෙන් විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ තෙල්ලඹුරේ ශ්‍රී සීලානන්ද, තෙල්ලඹුරේ ශ්‍රී අරියවංස, කොක්මාදුව ශ්‍රී සරණපාල, කොක්මාදුව ශ්‍රී අරියකිත්ති යන නා හිමිවරුන්ගේ හා මියගිය දායක දායිකාවන්ගේ ගුණ සැමරීමට හා විහාර ගණයේ විහාරාධිපති ලේල්ලවල ඉන්දජෝති මාහිමියන්ට ආශිර්වාද කිරීම සඳහා සංවිධානය කළ පින්කම් මාලාවක් ජූනි මස 01 දින සිට 05 වන දින දක්වා පැවැත්වේ. වැලිගම් කෝරළේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති කැටවල ඉන්දසාර හිමියන්ගේ අනුශාසනා පරිදි 01 වන දින සිට සත්වේලේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා 05 දින දවල් ශතාධික මහා සංඝරත්නය උදෙසා සඟ සතු මහා දානයක් පූජා කෙරේ.