Print this Article


සරණංකර හිමියෝ අධි සිල් ලබති

සරණංකර හිමියෝ අධි සිල් ලබති

මල්වතු මහා විහාරවාසි, මල්වතු මහා විහාර කාරක මහා සංඝ සභාවේ කාරක සභික ගඩලාදෙණිය ශ්‍රී සද්ධම්මතිලක රාජමහ විහාරය, අල්ගම ශ්‍රී සංඝරාජ රාජමහ විහාරය, වතුකන ශ්‍රී ශෛලගිරි රාජ මහා විහාරය, වැලිවිට ශ්‍රී සංඝරාජ පුරාණ විහාරය යන විහාරයන්හි විහාරාධිපතිව වැඩ විසූ පණ්ඩිත සාලියපුර ධර්මකීර්ති ශ්‍රී සරණංකර විපස්සී නා හිමිපාණන්ගේ සහ අල්ගම ශ්‍රී සංඝරාජ රජමහ විහාරාධිපති ශාස්ත්‍රපති වල්ගමුවේ නන්දරතන හිමියන්ගේ ශිෂ්‍ය මහනුවර ශ්‍රී සංඝරාජ පිරිවෙනේ ධර්ම ශාස්ත්‍රය හදාරන වැලිවිට සරණංකර සාමණේරයන්, වෙසක් පුර පසළොස්වක පොහෝදින මහනුවර මල්වතු මහා විහාරයේ ඓතිහාසික මංගල උපෝසථාගාරයේදී, මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා ජ්‍යෙෂ්ඨ කාරක සභික නැහැණිවල ශ්‍රී පියදස්සි, කාරක සභික අඹන්වැල්ලේ ශ්‍රී සුමංගල යන හිමිවරුන්ගේ කර්මාචාර්යත්වයෙන් වාහල නාග නාමයෙන් උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදී.

වැලිවිට, සරණංකර හිමියෝ, සුනිල් තිලකසිරි, බණ්ඩාර යාපාරත්න, කුසුමාවති කුමාරිහාමි යන දම්පතීන්ගේ පුත්‍රරත්නයකි.