Print this Article


බුදුසරණ මෙහෙයවන උතුරු මැද පළාතේ කථික තරගය රජරට සරසවියේ අමරදේව ශ්‍රවණාගාරයේදී 3 වනදා

බුදුසරණ මෙහෙයවන උතුරු මැද පළාතේ කථික තරගය රජරට සරසවියේ අමරදේව ශ්‍රවණාගාරයේදී 3 වනදා

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් බුදුසරණ පුවත්පත මෙහෙයවීමෙන් වාර්ෂිකව දීප ව්‍යාප්ත රචනා තරගයක් සහ උතුරු මැද පළාතේ පාසල් හා දහම් පාසල් සිසුන් අතර කථික තරගයක් පැවත්වේ. එම කථික තරගය මෙවර රජරට සරසවියේ අමරදේව ශ්‍රවණාගාරයේදී ජුනි 03 වනදා පෙරවරු 8 සිට පැවැත්වේ. ඊට මෙවරද ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනුග්‍රහයෙන් තිළිණ පිරිනැමෙන අතර ලේක්හවුස් ආයතනය මගින් සහතික පත් පිරිනැමේ.

දීප ව්‍යාප්ත රචනා තරගයේ පළමුවැන්නාට සහ උතුරු මැද පළාතේ කථික තරගයේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ අංශයේ පළමුවැන්නන් සඳහා ඩී. ආර්. විජයවර්ධන කුසලානයද බුදුසරණ සහ පියසේන නිශ්ශංක කුසලානද හිමිවේ.