Print this Article


දරුවන් සිව් දෙනෙකු සසුන් කෙතට

දරුවන් සිව් දෙනෙකු සසුන් කෙතට

2561 සම්බුදු තෙමඟුලට සමගාමීව කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මංගල්‍යයේ දී, අම්පාර සිව් මුණි සෑ වෙහෙර විහාරාධිපති මානව සම්පත් කළමනාකරණ විශේෂවේදී ඇත්පිටියේ චන්දානන්ද නාහිමියන්ගේ සහ අනුරාධපුර සිරි සංඝබෝධි භාවනා මධ්‍යස්ථානාධිපති, ත්‍රිපිටකවේදී, ශාස්ත්‍රපති රිදියගම ඤාණතිලක නා හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යාත්වයෙන් මැයි මස 03 වන දින අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍යාරාමය අබියසදී කුලදරුවන් සිව් දෙනෙකු සසුන්ගත කරන ලදී.

ජී. පේමසිරි සහ, වී.ඩබ්ලිව්. ගුණවතී යන දම්පතීන්ගේ දරුවන් වන ජී. රංජුල සඳරුවන් කුමරුවා හොරේවෙල රතනානන්ද හිමි නමින්ද, ජී. සදීප් ලක්ෂාන් සඳරුවන් කුමරුවා හොරේවල සද්ධම්මානන්ද හිමි නමින්ද, එච්.ජී. සාලිය අතුල කුමාර සහ ජී.ජී. රදීකා කාංචනා යන දම්පතීන්ගේ වැඩිමල් පුතණුවන් වන එච්.ජී. ඉසිර පහන් මධුශික කුමරුවා, අම්පාරේ ඉන්ද්‍රානන්ද හිමි නමින්ද, ඒ.වී. චමින්ද සහ අයි.ජී.ආර්. රේණුකා දම්පතීන්ගේ වැඩිමල් පුතණුවන් වන ලහිරු චමිනි මධුෂාන් දරුවා අම්පාරේ ලංකානන්ද හිමි නමින්ද පැවිදි බිමට පත්වූහ.