Print this Article


පෞරුෂයේ අත්තිවාරම බුදු දහමයි

පෞරුෂයේ අත්තිවාරම බුදු දහමයි

බුද්ධ දේශනාවෙහි සඳහන් කාරණාවන් තුළින් දුකින් නිදහස් වීමටත් ,දිවිනසාගැනීම් අඩුකර ගැනීමටත් ,විශාදය යන මානසික රෝගය අඩුකර ගැනීමටත් හේතුවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන ආකාරයට ලෝකයේ විශාල ප්‍රමාණයක් විශාදයෙන් ගැලවීම සඳහා ප්‍රතිකාර වශයෙන් ඖෂධ ලබාගන්නා බව සඳහන් කරයි. එසේ නම්, බුදු දහම ජීවිතයට ප්‍රායෝගිකව යොදාගැනීමෙන් ද ,භාවනාවෙන්ද, ප්‍රතිපත්තිගරුක බවෙන්ද, යථාභූත ඥානයෙන්ද, ලදදෙයින් සතුටු වීමෙන්ද, අටලෝ දහමින් කම්පා නොවීමෙන්ද කටයුතු කළයුතු බව බුදු දහම පෙන්වා දෙයි.

බුදු දහම අනුව පෙන්වාදෙන එම කාරණාවන් අපගේ ජීවිතයට ප්‍රායෝගික කරගන්නා තරමට මිනිසාට දුකෙන් මිදිය හැකි වෙයි.

ආතතිය අපගේ ජීවිතයෙහි කොටසක් වෙයි. ආතතිය වැඩිවන තරමට දුක වැඩි වෙයි. දුක කෙතරම් වැඩි වුවත් දරාගැනීමේ ශක්තිය ඇති නම්, එයට මුහුණ දිය හැකි වෙයි. එය ජීවිතයෙහි හරය වෙයි. ජීවිතයෙහි හරය හඳුනා ගැනීම තුළ සාර්ථක ජීවිතයක් ගත කළ හැකි වෙයි.

තුන්වන කාරණාව කෝපය වෙයි. කෝපය ගින්නක් වෙයි කෝපයෙන් සිටින මොහොතක් මොහොතක් පාසා පුද්ගලයා පුච්චමින් විනාශ කර දමයි.සෛල විනාශ කරයි. ආයුෂ අඩුකරමින් ප්‍රතිශක්ති කරණය බිඳවට්ටයි. මරණයට ළඟා කරයි. කෝපය ජීවිතයෙහි පවතිනවා යනු මාරයා අතවැනීමයි. සෑම මොහොතකම කෝපයෙන් සිටින මිනිසකුගේ ච්ත්ත ෙවිග වැඩිවෙයි. ස්නායුවල සහ නහරවල ක්‍රියාකාරිත්වය පදනම් කරගෙන රුධිරයෙහි වෙනස්කම් දැකිය හැකි වෙයි. අංශභාගය වැනි රෝග පහසුවෙන් වැළඳෙයි. රුධිරයෙහි සීනි මට්ටම වැඩිවිය හැකියි. නිතර කේන්තියෙන් සිටින පුද්ගලයන්ගේ අධිරුධ්ර පීඩනය වැඩි වෙයි. සහනය , ලිහිලනය , සාමය කෝපයෙන් මිදීම සඳහා ඉතා වැදගත් වෙයි. එයින් මිදීමේ ප්‍රායෝගික විමුක්ති මාර්ගය බුදු දහමෙහි සඳහන් වෙයි.එය දාන ශීල භාවනා නමින් හැඳින් විය හැකියි. දන්දීම තුළින් තෘප්තිය ලබාගත හැකිවෙයි. සීලය තුළින් ජීවිතයෙහි නිරෝගීකම රඳාපවතී. භාවනාව තුළ මානසික නිරෝගීකම ඇතිවෙයි. එම කාරණා තුළ නිරෝගී ජීවිතයක් අඩංගු වෙයි. කෝපය නැති කිරීමේ මාර්ගය බුදු දහමෙහි සඳහන් වෙයි. විශේෂයෙන්ම භාවනා ක්‍රම තුළින් චිත්ත පාරිශුද්ධිය ඇතිකරගත හැකිවෙයි මේ සියලු කාරණා තුළ ආවේග හෙවත් කෝපය පිට කිරීම සහ මනස අභ්‍යන්තරයට යහපත් සිතිවිලි ඇතුළු කිරීම බුදු දහමෙහි උගන්වයි. සාර්ථක ජීවිතයක පදනම විය යුත්තේ එයයි. දීර්ඝ කාලයක් ජිවත්වීම සඳහා සතුට අවශ්‍ය වෙයි. කායික සතුට, මානසික සතුට, අධ්‍යාත්මික සතුට ලෙස සතුට කොටස් තුනකට බෙදෙයි. සතුට බොහෝ සේ අඩුවෙන් භුක්ති විඳින බව දක්නට ලැබෙයි. එදිනෙදා ජීවිතයෙහි කායික මානසික අධ්‍යාත්මික සෞඛ්‍යද සතුට සමඟ බැඳී පවතී. ලෝකයෙහි සතුටු වන රටවල් අතර අප ඉහළ මට්ටමකින් සිටීමට බුදු දහම හේතුවක් වුණා විය හැකියි.

ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය, අධිෂ්ඨානය අපට ලබාදී තිබෙන්නේද බුදු දහම තුළයි. යහපත් පෞරුෂත්වයක් පවත්වා ගත යුතුයි. පෞරුෂය තුළින් දියුණුවීමේ මාර්ගය දේශනා වෙයි. එසේ නම්, බුදු දහම ඉතාම ප්‍රායෝගිකව ජීවිතයට ආලෝකය සපයනු ලබයි. ගිහියකු වශයෙන් අත්ථි සුඛ ,භෝග සුඛ, අණන සුඛ, අනවජ්ජ සුඛ ජීවිතයට ළඟාකර ගත යුතුයි. ලෙඩ රෝගවලින් මිදීමට නම්, එම සතුට අවශ්‍ය වෙයි. දුක වැඩිවීමත් සමඟ ලෙඩ රෝග වැඩිවෙයි.කායික, මානසික රෝග වැඩිවෙයි. ධනය පරිහරණය කරන ආකාරය බුදු දහමෙහි උගන්වයි. ඒකේන භෝගේ භුඤ්ඤෙයිය,ද්විහි කම්මං පයෝජයේ චතුත්ථංච නිධාප්‍යෙය ආපදාසු භවිස්සති. යනුවෙන් සඳහන් කරයි. ෙමි අනුව ධාර්මිකව මුදල් රැස්කිරීම, ධාර්මිකව වියදමි කිරීම ,ධාර්මිකව ජීවත්වීම තුළින් මිනිසාට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කළ හැකි වෙයි.