Print this Article


අ.පො. ස උසස් පෙළ විභාගය 2017 : ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ ශිෂ්ඨාචාරය අභ්‍යාස - 5

අ.පො. ස උසස් පෙළ විභාගය 2017 :

ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ ශිෂ්ඨාචාරය අභ්‍යාස - 5

වඩාත් නිවැරැදි පිළිතුර සොයා අදාළ අංකය වරහන් තුළ ලියන්න

01) පුද්ගල ජීවිතයක් නිවැරැදි මාර්ගයක් ඔස්සේ ගෙන යාමට නම් ධාර්මික පිළිවෙත් අනුගමනය කළ යුතුය. ඒ අනුව ලෞකික ජීවිතයේ සතුට හා සැනසුම ලබා ගැනීමට අතිශයින්ම වැදගත්වන ගුණධර්මයක් ලෙස

1. මහේච්ඡතාවය දැක්විය හැකිය
2. අල්පේච්ඡතාවය දැක්විය හැකිය
3. සුභරතාවය දැක්විය හැකිය
4. යතාබල සන්තුෂ්ටිය දැක්විය හැකිය
5. අත්‍රිච්චතාවය දැක්විය හැකිය

02) බුදු සසුනෙහි චිරස්ථිතිය පිණිස ක්‍රියා මාර්ග රැසක් ගත් ධර්ම සංගායනාවක් ලෙස ප්‍රථම ධර්ම සංගීතිය දැක්විය හැකිය. එමෙන්ම ධර්මය ධාරණය කර ගැනීම පිණිස ඒ ඒ භික්ෂු පරම්පරාවන්ට පැවරීම ද ධර්ම සංගීතියෙන් අනතුරුව සිදු කළහ. සංයුක්ත නිකාය ධර්ම කොට්ඨාසය පැවරීම් කරන ලද්දේ මින් කවර පිරිසටද?

1. ආනන්ද හිමි ඇතුළු ශිෂ්‍ය පිරිසටය.
2. අනුරුද්ධ හිමි ඇතුළු ශිෂ්‍ය පිරිසටය
3. සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍ය පිරිසටය
4. මහා කාශ්‍යප තෙරුන් ඇතුළු ශිෂ්‍ය පිරිසටය
5. උපාලි තෙරුන් ඇතුළු ශිෂ්‍ය පිරිසටය.

03) ධර්ම සංගායනාවල එක් ප්‍රතිඵලයක් වූයේ භික්ෂූන් වහන්සේ නිකායික වශයෙන් කොටස් වලට බෙදී යාමයි. ථෙරවාදය හා මහායානය යනු එම ප්‍රධාන බෙදීමයි. පසුකාලීනව තවත් අනු කොටස් වලට බෙදී ගියහ. මහායානයේ ප්‍රධානම බෞද්ධ සම්ප්‍රදායන් දෙකක් වශයෙන් සලකනු ලබන්නේ

1. ගෝකුලික හා ඒකබ්බෝහාරික වාදීහුය
2. බහුශ්‍රැතවාදී හා පඤ්ඤත්ති වාදීහුය
3. භද්‍රයාණික හා සම්මතිවාදීහුය
4. මහිංසාසක හා කස්සජීය වාදිහුය
5. මාධ්‍යමික සම්ප්‍රදායවාදීන් හා යෝගාවචර සම්ප්‍රදාය වාදීහුය.

04) ඉන්දියාවේ පැවැති නාලන්දා විශ්ව විද්‍යාලයේ විෂය ධාරා පහක් යටතේ අධ්‍යාපනය ලබා දී ඇත. එහි නොපැවැති විෂය ධාරාවකි.

1. භාෂා විෂය ධාරාව
2. දර්ශන විද්‍යා විෂය ධාරාව
3. නීති විද්‍යා විෂය ධාරාව
4. බුද්ධ ධර්ම විෂය ධාරාව
5. ලලිත කලා විෂය ධාරාව

05) බුදු සමයේ සම්ප්‍රාප්තියට ප්‍රථම ප්‍රාග් මහින්ද යුගයෙහි ශ්‍රී ලංකාවේ විවිධ ඇදහිලි හා විශ්වාස තිබූ බවට සාධක තිබේ. එවකට ලක්දිව නොපැවැති වන්දනයක් වූයේ,

1. වෘක්ෂ වන්දනයයි
2. යක්ෂ වන්දනයයි
3. නාග වන්දනයයි
4. බෝධි වන්දනයයි
5. දේව වන්දනයයි

06) සූත්‍ර , විනය, අභිධර්මය යනු ත්‍රිපිටකයේ බෙදිමයි. සූත්‍ර පිටකය පොත් පහකින් ද විනය පිටකය පොත් පහකින්ද අභිධර්ම පිටකය පොත් හතකින් ද සමන්විත විය. කථා වත්තු ප්‍රකරණය අභිධර්ම පිටකයට එකතු වූයේ,

1. ප්‍රථම සංගායනාවේදීය
2. ද්විතීය සංගායනාවේදීය.
3. තෘතීය සංගායනාවේදීය
4. චතුර්ථ සංගායනාවේදීය.
5. ජට්ඨ සංගායනාවේදීය.

07) බුදුරදුන් සතු වූ ත්‍රිවිධ කෞශල්‍යන්ට අයත් වන්නේ මින් කුමක්ද?

1. ආයු කෝසල්ල
2. උපමා කෝසල්ල
3. භාහු කෝසල්ල
4. චිත්ත කෝසල්ල
5. කාය කෝසල්ල

8) දෙසැටක් මිථ්‍යා දෘෂ්ටීන්ගෙන් ගහණ වූ භාරතයේ බොහෝ අනගාරිකයන් අනුගමනය කළ ප්‍රතිපත්තියක් වූයේ

1. ආරාමික ජීවිතයයි
2. ග්‍රාමවාසී ජීවිතයයි
3. සමූහ ජීවිතයයි
4. සංචාරක ජීවිතයයි
5. ආරණ්‍යක ජීවිතයයි

9) භාරතයේ ප්‍රධාන රාජ්‍යයන් අතර මගධය හා කෝසලය ධනවත් සිටුවරුන්ගෙන් සමන්විත වූ රාජ්‍යයන් දෙකක් විය. සැවැත්නුවර ප්‍රධානම සිටු දියණියක වූ විශාකාවගේ පියා නම්,

1. මිගාර සිටුතුමාය
2. පූර්ණ වර්ධන සිටුතුමාය
3. ධනංජය සිටුතුමාය
4. පුණ්නක සිටුතුමාය
5. මෙණ්ඩක සිටුතුමාය

10) කම්සැප විඳීම භික්ෂූන්ටත් අනුමත කරන ලෙස බුදුරදුන්ගෙන් ඉල්ලා සිටි භික්ෂුව වන්නේ

1. අරිට්ඨ භික්ෂුවය
2. පූර්ණ භික්ෂුවය
3. සාති භික්ෂුවය
4. චන්න භික්ෂුවය
5. මේඝිය භික්ෂුවය

11) පන්සාළිස් වසක් බුදුරජාණන් වහන්සේ විවිධ ස්ථානවල වස් විසූහ. ආරාම, වනාන්තර, ගිරි ගුහා, පර්වත වැනි ස්ථානයන්හි එසේ වස් විසූ ස්ථානයන් විය. උන්වහන්සේ පාරිලෙය්‍ය වනයේ වස් විසීමට ගියේ,

1. මිනිස් ඇසුරෙන් වෙන්ව විසීමට අවශ්‍ය වූ හෙයිනි
2. විනය ප්‍රශ්නයක් විසඳා ගැනීමට අසමත් වූ හෙයිනි
3. ධර්මධර විනයධර භික්ෂූන් අසමගි වූ හෙයිනි
4. පාරිලෙය්‍ය හස්තියාට අනුග්‍රහ දැක්වීමට අවශ්‍ය වු නිසාය
5. පාරිලෙය්‍ය වනයේ විසීමට තිබූ කැමැත්ත නිසාය

12) බුදුරදුන්ගේ ශ්‍රාවක පිරිස සිවුවනක් පිරිසගෙන් සමන්විත විය. එම පිරිසෙහි දෙවෙනි පිරිස භික්ෂුණීන් වන අතර භික්ෂුණී සාසනයේ සමාරම්භය සිදුවූයේ,

1.  බුදුරදුන් දෙව්රම් වෙහෙර විසු සමයේය.
2. නිග්‍රෝධාරාමයේ විසූ සමයේය
3. වේළුවනාරාමයේ විසූ සමයේය
4. ඉසිපතනයේ විසූ සමයේය
5. කූඨාගාර ශාලාවේ විසූ සමයේය.

13) බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ගිය තැන දෙවන ධර්ම සංගායනාව සිදුකරන ලදී. මෙකි සංගීතියට මුල් වූයේ වජ්ජිපුත්තක භික්ෂූන්ගේ දස වස්තුවයි. මෙම දස වස්තුව කැපද? අකැපද යනුවෙන් අවසාන විනිශ්චය ලබා දුන්නේ

1. රේවත හා සබ්බකාමී දෙනම විසිනි
2 .යස කාකණ්ඩ පුත්‍ර හිමියන් විසිනි
3. උත්තර නම් හිමියන් විසිනි
4. මොග්ගලීපුත්ත තිස්ස හිමියන් විසිනි
5. සාල්හ හිමියන් විසිනි

14) ක්‍රි.පූ. හයවන සියවස යනු පෙරපර දෙදිග තුළ ම ආගමික ප්‍රබෝධයක් ඇති වු යුගයකි. බුදුරදුන් නිසා පෙරදිග මහා ප්‍රබෝධයක් ඇති වූවා සේම, අපරදිග ලෝකයේ මහා ප්‍රබෝධයක් ඇති වූයේ ,

1. සොක්‍රටීස් නිසාය
2. ප්ලේටෝ නිසාය
3. ලාඕට්සේ නිසාය
4. කොන්පියුසස් නිසාය
5. හෙරක් ලීටස් නිසාය

15) භාරතයේ පැරැණි විශ්ව විද්‍යාල අතර වික්‍රමශීලා විශ්ව විද්‍යාලය ද අතිශය කීර්තියක් පැවැති විශ්ව විද්‍යාලයකි. එම විශ්ව විද්‍යාලයෙහි “ ද්වාර පණ්ඩිත” නමින් හැඳින්වූයේ,

1. බාහිර උපාධි භාර පඬිවරායාය
2. දෙවරක් පණ්ඩිත උපාධියට පෙනී සිටි පඬිවරයාය.
3. විශ්ව විද්‍යාල ප්‍රවේශය භාරව සිටි පඬිවරයාය.
4. දොරවල් පිළිබඳව විශේෂ දැනුමක් ඇති පඬිවරයාය
5. වික්‍රමශිලා විශ්ව විද්‍යාලයෙන් ලබා ගත හැකි ඉහළම උපාධියට නමකි.


පිළිතුර

1-2  2-3

3-5  4-3

5-4  6-3

7-2  8-4

9-3  10-1

11-3  12-5

13-2 14-1

15-3