Print this Article


ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් සමාප්ති උළෙල ඓතිහාසික දළදා මාළිගාව පරිශ්‍රයේ දී

ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් සමාප්ති උළෙල ඓතිහාසික දළදා මාළිගාව පරිශ්‍රයේ දී

ශ්‍රී ලංකාවේදී සැමරුණු 14 වන ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ සමාප්ති උත්සවය ඉකුත් දා (14) පස්වරුවේ මහනුවර, ඓතිහාසික දළදා මාළිගාව පරිශ්‍රයේ දී පැවැත්විණි. උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවි බණ්දාරි මැතිණියයි. ලොවපුරා බෞද්ධ රටවල් 72 ක පමණ විශේෂ නියෝජිතයින් එම උත්සවයට එක්ව සිටි අතර බෞද්ධ දර්ශනය ප්‍රවර්ධනය වෙනුවෙන් සහ ලොව පවතින ගැටලුවලට බෞද්ධ දර්ශනයෙන් ලබාදෙන විසඳුම් ප්‍රායෝගික කර ගැනීම සඳහා ජාත්‍යන්තරව ගෙන යා යුතු වැඩපිළිවෙළ ඇතුළත් යෝජනාවලිය වූ මහනුවර ප්‍රකාශනය එළිදැක්වීම ද එහිදී සිදුකෙරිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවි බන්දාරි මැතිණිය ද සමාප්ති උත්සවය ඇමතූහ.

නේපාල ජනාධිපතිනියගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් ජනාධිපතිතුමා විසින් එතුමිය වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

මල්වතු, අස්ගිරි උභය මහා විහාරයීය මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය ද, කථානායක කරූ ජයසූරිය, බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහත්වරු ප්‍රමුඛ මැති ඇමැතිවරු ද සම්භාවනීය ආරාධිත පිරිසක් සහ බෞද්ධ රටවල නියෝජිත පිරිසක් එම සමාප්ති උත්සවයට එක්ව සිටියහ.

 

නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවි බණ්දාරි මැතිණියට සිහිවටන පිළිගන්වමින්