UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ශ්‍රී දළදා මාළිගාවේ වෙසක් මහා පෙරහර

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වෙසක් මහා පෙරහර වෙසක් පුර පසළොස්වක පෝය දින සවස පැවැත්වේ. චාරිත්‍රානුකූලව පැවැත්වෙන වෙසක් පෙරහර ශ්‍රී දළදාමාළිගාව මහ වාහල්කඩ අභියසින් පිටත්ව මාලිගා චතුරශ්‍රයේ ගමන්කරමින් වාහල්කඩ අභියසෙන් ගෙවදී.


මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව වෙසක් පෝදා

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව මෙම වෙසක් පෝදා පස්වරුවේ මිහින්තලා පුද බිමේදී මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. මෙවර එම පින්කමේ දායකත්වය පානදුර නල්ලුරුවේ පදිංචි ශ්‍යාමලී උයන්ගොඩ මෙනෙවිය ඇතුළු ඤාතී හිත මිත්‍රාදීන් විසිනි.


මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ රචනා කථික තරග කූපනය 18 වනදා පළවේ

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් වාර්ෂිකව පැවැත්වෙන දීප ව්‍යාප්ත රචනා තරගයේ සහ උතුරු මැද පළාත් කථික තරඟයේ විස්තර ඇතුළත් කූපනය මැයි මස 18 වනදා වෙසක් අව අටවක පත්‍රයේ පළවේ.


මරදාන ශ්‍රී මහින්දාරාමය

කොළඹ 10 මරදාන ශ්‍රීමහින්දාරාමය ගාල්ල දඩල්ල මහමුදලින්දාරාමය ඉහළ පුලියන් කුළම ශ්‍රීමහින්දාරාමය යන විහාරාධිපති මාපලානේ ධම්මාලෝක නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ දායක පින්වතුන් පෝදා ශ්‍රී මහින්දාරාම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සමඟ මැයි මස 10 වෙනි දිනට යෙදෙන වෙසක් පොහොය නිමිති කරගෙන පින්කම් මාලාවක් සිදුකිරීමට කටයුතු යොදා ඇත.

9 වෙනි දින ශ්‍රී මහින්දාරාම දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දායකත්වයෙන් සවස 6 ට විශේෂ අටවිසි බුද්ධ පූජා පින්කමක් පැවැත් වේ.

10 වෙනි දින ශ්‍රී මහින්දාරාම දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ආචාර්ය මණ්ඩලයේ සියලුදෙනා සිල් සමාදන්වීම උදේ 9 ට මරණයට කැපවූ ගවයන් නිදහස් කිරීම සවස විහාරස්ථානයේ දායක පින්වතුන්ගේ දායකත්වයෙන් අටවිසි බුද්ධ පූජාව සහ ධර්මදේශනය රාත්‍රී 7.30 ට ද ශ්‍රී මහින්දාරාම දහම් පාසලේ ශිෂ්‍යාවන් පවත්වන භක්ති ගීත ගායනය විහාරස්ථානයේ දී 11 වෙනි දින අටවිසි බුද්ධ පූජාව දහම් පාසලේ සියලු දෙනාගේ දෙමාපියන්ගේත් දායකත්වයෙන් සවස 6 ට ද දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ භක්ති ගීත ගායන සවස 07.30 ට අනතුරුව ආචාර්ය මණ්ඩලය පවත්වන ඔසු පැන් දන්සල රාත්‍රී 10 ය දක්වා විහාරස්ථානයේ දී


බෙලිගල රජ මහා විහාරය

‘මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙහිදී ඓතිහාසික බෙලිගල රාජමහා විහාරස්ථානයේදී 24 වෙනි වරටත් උපෝෂථ අෂ්ඨාංග ශීලය සමාදන් වන බැතිමතුන් උදෙසා දහම් පඬුරක් ලෙස බුදුසරණ පත්‍රය බෙදාදීම බෙලිගල වෑකඩ පදිංචි ඒ .ඇස්. සමරසිංහ මහතා විසින් සිදුකරනු ලැබේ. පරලෝසැපත් ආදරණීය මව්පිය දෙදෙන ඇතුලු නැසීගිය සියලුම ඥාතින්ට පින් පිණිස එම පින්කම සිදුකෙරේ.


බියගම පුණ්‍යවර්ධනාරාමය

බියගම පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී ශීල සමාදාන, ධර්ම දේශනා ,භාවනා වැඩසටහන් රැසක් වෙසක් පුර පසළොස්වක ෙ පාහොය දින දවස පුරා පැවැත්වේ.


ඓතිහාසික අනුරාධපුර මහ විහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ වෙසක් පුන් පොහෝදින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි පෝදා පෙරවරු 6.00 පස්වරු 6.00 දක්වා මහා විහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. වෙසක් පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරාවාසී කුඩා මොරගොල්ලේ සිරිරතන හිමියො ් සංවිධානය කරති. පෙරවරු 6.00 අටසිල් සමාදන් කරවීම, 6.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මහවෙල රතනපාල හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය කථිකාචාර්ය සේනාරත්න කාරියවසම් මහතා. 10.30 බුද්ධ පූජාව දවල් 12.00 ජාකත කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, 1.00 ධර්ම දේශනාව, ආචාර්ය කරගස්වැවේ වජිර හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 2.45 දම්සභා මණ්ඩපය, දර්ශනපති ඊ.එම්. ධර්මවර්ධන මහතා, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා 4.00 භාවනා වැඩ සටහන ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව, මෙහෙයවීම ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, 5.55 සිල් පවාරණය.


බෙල්ලන්විල රාජ මහා විහාරය

පෝදා පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම හා තෙරුවන් වන්දනාව, 7.00 බුද්ධ පූජාව පැවැත්වීම, 8.30 ධර්මදේශනාව ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ඌව පාර්ශ්වයේ, මහානායක අඹේවෙල පඤ්ඤාසාර මහනාහිමි, 10.00 භාවනා සාරානාත් බෞද්ධ මධ්‍යස්ථානාධිපති තලාවේගම සද්ධාතිලක හිමි, 11.00 බුද්ධ පූජාව පැවැත්වීම, පස්වරු 1.00 ජාතක කතා ධර්ම දේශනාව කරගහවල චන්දානන්ද හිමි, 3.00 ධර්ම සාකච්ඡාව, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි සමඟ මහාචාර්ය ජී. ආරියපාල පෙරේරා මහතා, ශාස්ත්‍රපති පී. වීරතුංග මහතා, 4.30 ධර්ම දේශනාව අමරපුර ධර්ම රක්ෂිත මහා නිකායේ මහානායක බම්බලපිටිය වජිරාරාමාධිපති, තිරිකුණාමලයේ ආනන්ද මහා නාහිමි, 6.00 සිල් පවාරණය කරවීම, 6.30 බුද්ධ පූජාව පැවැත්වීම, රාත්‍රී 7.30 ධර්ම දේශනාව බෙල්ලන්විල රාජමහා විහාරවාසී ආචාර්ය ඌරුපැලැව්වේ හේමාරාම හිමි,


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදාන පින්කම

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල්සමාදන්කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ, මීගොඩ මධුභාණි හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනය විද්‍යාපති ශාස්ත්‍රපති ඒ.එස්. බාලසූරිය මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව කහගොල්ලේ සෝමවංශ මා හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්වෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.


තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෝදා පෙරවරු 5.30 ක්ෂීරපායාස බුද්ධ පූජාව 6.00 ශීල සමාදානය හා අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව මීගොඩ සුඛිත හිමි, 9.00 – 9.30 භාවනාව 9.30 – 10.30 ධර්ම දේශනාව තලල්ලේ චන්දකිත්ති හිමි, 10.30 – 11.00 දෙතිස් ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව පස්වරු 12.00 අභිනවයෙන් ඉදි වූ බුද්ධ මන්දිරය සහ පුස්තකාලය පූජා කිරීම, 1.00 – 2.00 ධර්ම දේශනාව දරණාගම කුසලධම්ම නාහිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි, 3.30 – 4.30 ධර්ම සාකච්ඡාව මහකෙළියේ ලොකු ස්වාමීන්වහන්සේ සමඟ මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 6.00 ඖෂධ 108 යුක්ත සම්බුද්ධ පූජාව. මැයි 09 දින පස්වරු 5 ට සර්වඥධාතු ප්‍රදර්ශනය සහ ධාතු ප්‍රතිෂ්ඨාපනය ඥානාරාමයේදී පවත්වනු ලබයි.


ශ්‍රී කල්‍යාණි රජ මහා විහාරය

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය වෙසක් පෝදා පෙරවරු 6 – 6.30 සීල සමාදානය හා උදෑසන බුද්ධ පූජාව මෙහෙයවීම රන්දිලිගම මහින්ද හිමි 8 – 9 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණී උභය රාජමහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි 9 – 10 දහම් දෙසුම නැදගමුවේ විජය මෛත්‍රී නාහිමි, 10 – 11 ධම්ම පදය ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11 – 11.30 බුද්ධ පූජාව ගොඩපොළ නන්ද හිමි පස්වරු 12.15 -2 සීල භාවනා සමිතිය 2 – 3 විශේෂඥ වෛද්‍ය දේශනය 3 -4 දහම් දෙසුම කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධ රඛිත හිමි 4 – 5 ධර්ම සාකච්ඡාව 5 – 6 භාවනා වැඩසටහන මෙහෙවීම ශ්‍රී කල්‍යාණි උභයරාජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6 – 7 ගිලන් පස පූජාව ඇතිමලේ සීලානන්ද හිමි, 7- 8 දහම් දෙසුම පානකාවේ පේමරතන හිමි.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේදී වෙසක් පෝදා දවස පුරා ආගමික වතාවත් සිදු කෙරේ. පෝදා පෙරවරු 6.15 සීල සමාදාන තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙවීම පළාතොට පඤ්ඤානන්ද හිමි 7.30 භාවනාව මෙහෙයවීම වතුරුගම නන්දසිරි හිමි, 10 – 11.15 දහම් දෙසුම නෙළුවේ සුමන වංස හිමි, පස්වරු 1 – 2.45 දහම් දෙසුම හත්තක පුඤ්ඤරතන හිමි, 3 – 4.30 දහම් දෙසුම අක්මීමන ධම්මපාල හිමි, 4.45 – 6 දහම් දෙසුම කහගොල්ලේ සෝමවංශ හිමි, 6.15 – 7 පානදුරේ අරියධම්ම හිමියන් පැවැත්වූ පටිගත කළ බෝධි පූජාව 7 – 8 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව 8.10 – 10.30 දහම් දෙසුම හා සාකච්ඡාව ගල්කිස්සේ සමාහිත හිමි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ඇමරිකාවේ හවායි බෞද්ධ විහාරයේ විහාරාධිකාරී විනයාචාර්ය හිඟුරක්ගොඩ විහාවි හිමි. 8.00 – 9.00 භාවනාව, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව අගලවත්ත කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනාධිපති වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව ආරණ්‍යවාසී ගංගොඩවිල මුදිතමනෝ හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව, තලවතුගොඩ විමලධම්ම හිමි, වලස්මුල්ලේ සුදස්සි හිමි, පස්වරු 12.30 – 12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.35 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානි හිමි, පැනසිහගම ඛේම හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව පණ්ඩිත ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්ය ආචාර්ය මඩිහේ සුගතසිරි නාහිමි, 3.00 – 3.45 ධර්ම දේශනාව බම්බලපිටිය වජිරාරාමාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද මහ නාහිමි, 4.00 – 5.00 ධර්මදේශනය ඉංගිරිය සුදම්පාය ධර්මායතනාධිපති බෝකුන්දර කුසලධම්ම හිමි, 5.00 – 6.00 ධම්ම පදය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි වෙසක් සතිය තුල විශේෂ ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ

මේ සදහා නෙළුවාකන්දේ ඤාණානන්ද , ත්‍රිකුණාමලයේ ආනන්ද, ගල්ගමුවේ විනය විසුද්ධි, රාස්සගල සීවලී, තෙලඟපාත ගවේෂි, අඹන්විට ඤාණධජ, සඟම අනෝමදස්සි යන හිමිවරු වැඩම කිරීමට නියමිතය. වෙසක් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමි යන්ගේ අනුශාසනා පරිදි ගල්කිස්සේ ධම්මිස්සර, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, වතුරගම නන්දසිරි, ඇලපිටිවල නන්දවිමල යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිතය. වෙසක් පෝ දින විශේෂ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මොරාවත්තේ සුබෝධි නා හිමියන් විසිනි.


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ වෙසක් පෝදා පින්කම් රැසක් රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. එදින උදෑසන අටසිල් සමාදන් කරවීම පහන්, ගිලන්පස, කිරි ආහාර පූජාව, බෞද්ධ කොඩි 350 ක් ශබ්ද පූජා මධ්‍යයේ වැඩම කර කිරිවෙහෙර චෛත්‍යයේ පැළඳවීමේ කංචුක පූජාව පැවැත්වේ.

උදේ ධර්ම දේශනාව විහාරස්ථ ධර්ම ශාලාවේ පැවැත්වෙන අතර, භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ පැවැත්වේ. උදේ 10.30 ට පමණ කිරිපිඬු බුද්ධ පුජා පෙරහර දාන ශාලාවේ සිට ශබ්ද පූජා මධ්‍යයේ පෙරහරෙන් වැඩම කර කිරිවෙහෙර චෛත්‍යයට පූජා කිරීම සිදු කෙරේ.

කිරිවෙහෙර ප්‍රධාන වාහල් දොරටුව ඉදිරිපිට දාන ශාලාවේ වෙසක් පෝදා කිරිබත් දන්සල පැවැත්වෙන අතර, විහාරස්ථ ශි‍්‍ර ආනන්ද රේවත දහම් පාසලේ ඔසුපැන් දන්සලද එම ස්ථානයේ දී පැවැත්වේ.

සවස විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර සිල්ගත් උපාසක උපාසිකාවන්ගේ සහභාගීත්වයෙන් කිරිවෙහෙර චෛත්‍ය මළුවේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව බෝධි පූජා පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ විහාරධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් පවත්වනු ලැබේ. රාත්‍රී 7.00 ට අටවිසි බෝධි මළුවේදී බෝධි පූජාව පැවැත්වේ. අනතුරුව රාත්‍රී ධර්ම දේශනාවද එම ස්ථානයේ දී පැවැත්වේ. කිරිවෙහෙර තුන්වන මළුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාව පැවැත්වේ. කතරගම බෞද්ධ සංගමය, ගිලානෝපස්ථාන බෞද්ධ සමිතිය, ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල හා විහාරස්ථ දායක සභාව එම පින්කමේ කටයුතු සංවිධානය කර ඇත.


බම්බලපිටියේ සිරි වජිරාරාමය

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව සහ කිරිපිඬු බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහානා හිමි, 8.00 – 9.00 ගිහි දේශනය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, 9.00 – 10.00 ධර්මානුශාසනාව මහාචාර්ය අගලකඩ සිරි සුමන හිමි, 10.00 – 11.15 භාවනාව, අනුශාසනාව සහ බුද්ධ පූජාව ශාස්ත්‍රවේදී පිටිපන සාසනරතන හිමි, පස්වරු 12.15- 01.00 සෙත් පිරිත් සිරි වජිරාරාම දහම්පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති කඹුරුගමුවේ මහානාග හිමි, 1.00 – 2.30 ධර්ම සාකච්ඡාව සිරි වජිරාරාම දහම් පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව නාරද බෞද්ධ ධර්මායතනාධිපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය තලල්ලේ චන්දකිත්ති හිමි, 4.00 – 5.00 ධර්මානුශාසනාව සිරි වජිරාරාමවාසී ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති වේරදූවේ මහින්ද හිමි, 5.00 – 5.30 අටවිසි බුද්ධ වන්දනාව සිරි වජිරාරාමවාසී ස්වාමීන් වහන්සේලා. 5.30 – 6.30 විශේෂ වෙසක් ධර්මානුශාසනාව හා සිල් අලුත් කිරීම රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි.


සීදුව සුගතාරාමය

සීදුව සුගතාරාමයේදී වෙසක් පෝදා දවස පුරා දාන, ශීල, භාවනා පින්කම් සිදු කෙරේ. ඉකුත් 5 වනදා ඇරැඹුණු එම පින්කම් මාලාව 7 වනදා සුගතාරාම දහම් පාසලේ සීල සමාදානයද 8,9 දිනවල අවට පාසල් දරුවන්ගේ සීල සමාදානයද 10 වනදා දෙදහසකගේ සහභාගිත්වයෙන් සීල සමාදානයද 10-14 දක්වා තොරණ ප්‍රදර්ශනයද පැවැත්වේ.


මහරගම දුම්රිය මාවත ශ්‍රී විවේකාරාමය

පෝදා පෙරවරු 6.15-7.30 ශීල සමාදානය සහ අනුශාසනාව බුද්ධ පූජාව – විහාරාධිපති ශාස්ත්‍රපති මීපාගම පියදස්සී හිමි, 8.30-9.30 ධර්ම දේශනය – බංගලිදේශයේ ධම්මපාල හිමි, 9.30-9.45 බුදුසරණ පත්‍රය බෙදාදීම – භාග්‍යා අමරතිලක යුවලගෙනි 9.45-11.00 භාවනාව හොරණ කනන්විල දෙකඳුවල දහම් පුහුණු මධ්‍යස්ථානයේ මෙහෙණින් වහන්සේ 11.15 බුද්ධ පූජාව පස්වරු 1.30-2.30 කාව්‍යමය ධර්ම දේශනය –කොටාගොඩ සුධීර හිමි, 2.45-3.45 ධර්ම සාකච්ඡාව, විහාරාධිපති මීපාගම පියදස්සි හිමි, මහරගම තරුණ බෞද්ධ සංගමයේ නවරත්න බණ්ඩාර මහතා, නාවල ජනාධිපති විදුහලේ ආරම්භක විදුහල්පතිනි මාලිනී දිසානායක මහත්මිය, මෙහෙයවීම, විශාඛා කුළඟන සමිතියේ ගිහි අනුශාසක පී.ඒ. මුණිදාස මහතා, 4.00-5.00 ධර්ම දේශනාව – හල්ඔලුවේ අංගීරස 5.30 සියලුම උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදා දීම. 6.00 සිල් පවාරණය.


උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරය

ගාල්ල – උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරය කේන්ද්‍රකර ගනිමින් වෙසක් පෝදා ආගමික වැඩසටහනක් පැවැත්වේ. එහි වැඩසිටින දඹදිව සිට වැඩම කරවනු ලැබූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස වෙසක් පොහෝදා රාත්‍රී 07.00 ට විශේෂ බෝධි පූජාවකි.


සීනිගම කුසුමාරාමය

සීනිගම කුසුමාරාමයේ දී වෙසක් පුර පෝදා දවස පුරා ආගමික වතාවත් අකුරල මංජුලතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. එම පින්කම් මාලාවට දම් දෙසුම් කප්රුක් පූජා ඇතුළු වෙසක් පහන්කූඩුද ප්‍රදර්ශනයද ඇතුළත් වේ. සීනිගම ආරියවතී මහත්මිය, එම් පි‍්‍රයංකර, ඩී.ඇම්. මනෝජ් කුමාර මහත්වරුන්ගේ දායකත්වයෙන් බුදුසරණ ධර්ම දානමය පින්කමද සිදු කෙරේ.


සීනිගොඩදී සහ කතරගම කිරිවෙහෙර අසලදී බුදුසරණ ධර්මදානයට

සීනිගොඩ– මව්පිය පූජා උපහාර – අටවිසි බුදු මැදුර වැඳ පුදා ගැනීම පිණිස වෙසක් සතිය තුළ පැමිණෙන සෑම දෙනාටම බුදුසරණ වෙසක් පත්‍රය බැගින් පූජා කිරීමට සහ කතරගම කිරිවෙහෙරේදී සිල්වතුන් වෙත වෙසක් බුදුසරණ පත්‍රය බැගින් පූජාකිරීමට වතුගෙදර සීනිගොඩ අංක 10 ශ්‍රී ශාන්ති සුවසරණහී පදිංචි මව්පිය පූජා උපහාර අටවිසි බුදු මැදුරේ නිර්මාතෘ පියදිගමගේ චන්ද්‍රපාල ද සිල්වා කටයුතු සලසා ඇති අතර මෙවර පවත්වනුයේ 29 වැනි වර්ෂ පූර්ණ බුදුසරණ පත්‍ර පූජාවයි.

ඉන් අත්වන සියලු පින් 1985 මැයි 14 අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසලදී මියගිය මෑණියන් වන ඇස්. කේ. රැන්සි නෝනාට සහ පියාණන් වන 1964.12.14 මිය ගිය පී.ජී. චාර්ලිස්ද සිල්වා සහ 1992.04.19 මිය ගිය විදුහල්පති පී.ජී. ද සිල්වා ලොකු අයියා ඇතුළු සියලු දෙනාට පින් අනුමෝදනා කෙරේ.


ධර්ම දානයට 26 වන වතාවටත් බුදුසරණ බෙදා දීමක්

1992 සිට මේ දක්වා වෙසක් පොහොය දින ධර්ම දානය සඳහා ගාල්ල, බඹරවාන, 2 කණුව පදිංචි සමරසිංහ ලියනගමගේ ඇතුළු පවුලේ සැම විසින් බුදුසරණ පත්‍රය බෙදා දෙයි.

මෙවර වෙසක් පොහොය දින 26 වතාවටත් සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට ධර්ම දානය සඳහා බුදුසරණ පත්‍රය බෙදා දෙන අතර තම සහෝදරිය වන චන්ද්‍රා ලියනගමගේ හා මව එච්.ජී.බන්දුවතී මෑණියන්ට හා අනිකුත් සියලු මිය ගිය පියා, නැන්දම්මා, මාමා ඇතුළු සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම සඳහාත්, තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වීමටත් තම පවුලේ සියලු දෙනාටත් ලෝවැසි සැමටත් පින් අනුමෝදනා කෙරේ.


කැකිරාව ලේක්හවුස් අලෙවි නියෝජිතගෙන් බුදුසරණ 1000ක් ධර්ම දානයට

කැකිරාව පුවත්පත් අලෙවි නියෝජිත, සංජීව ෆාමසි සහ පොත්හල අධිපති සාම විනිසුරු, දේශබන්දු කේ.එච්. වීරසිංහ මහතා සහ එම මහත්මිය විසින් කැකිරාව ප්‍රදේශයේ විහාරස්ථාන රාශියක දී බුදුසරණ පත්‍ර 1000ක් ධර්ම දානය පිණිස එම විහාරස්ථානවල පෙහෙවස් සමාදන්වන උපාසක උපාසිකාවන් වෙත පිරිනමනු ලැබේ. 33 වන වරටත් මෙම ධර්ම දානය පින්කම වෙසක් පුර පසළොස්වක් පොහෝ දින මලව, ඔරුගල්සෑය පුරාණ රජමහා විහාරය, කැකිරාව ශ්‍රී බෝධිරාජාරාමය, කිරීහිරිකන්ද රජමහා විහාරය, මල්දෙනිපුර මෙත්තාරාමය, මල්දෙනිපුර විසුද්ධාරාමය, මහකැකිරාව ශ්‍රී බෝධිමළු විහාරය, තිබ්බටුවැව බෝධිරුක්ඛාරාම විහාරය, කොටාගල පියංගලු රජමහා විහාරය, නාමල්පුර විසුද්ධාරාම ටැම්පිට විහාරය, මැදගම සීවලි රජමහා විහාරය, කොරසගල්ල කොරණක සඳගල විහාරය, කරඹැවත්ත ශ්‍රී පි‍්‍රයදර්ශි අග්‍රබෝධි විහාරය යන විහාරස්ථානයන් හිදී සිදු කෙරේ.


කුරුඳුගහ හැතැප්ම

කුරුඳුගහ හැතැප්ම, පතිරාජ සෙවනගල ශ්‍රී සුගතපාල බෞද්ධ මධ්‍යස්ථානයේ පෙහෙවස් සමාදන්වන උපාසක උපාසිකාවන් සඳහා වෙසක් පොහෝදින ‘බුදුසරණ’ පුවත් පත් ධර්ම දානය වශයෙන් බෙදාදීමට කටයුතු යොදා ඇත. කුරුඳුගහ හැතැප්ම සෝමදාස නානායක්කාර මහතා විසින් පරලොවසැපත් මව්පියන් වන එන්.ඩබ්.ජී. පියසේන මහතා සහ එම්.එම්. විතානාච්චි මහත්මි යට පින් පිණිස දහ නමවන වරටත් එම පින්කම සිදුකරනු ලබයි.


හාපිටිගම ජයසුමනාරාමය

දෙවැනි වරටත් පවත්වනු ලබන වෙසක් කලාපය මෙම මස 10 වැනිදා සිට 14 වැනිදා දක්වා මීරිගම හාපිටිගම ජයසුමනාරාමය මූලමහා විහාරස්ථානයේදී පැවැත්වේ. වෙසක් තොරණ, දර්ශනීය පහන් කූඩු, බැති ගී ඇතුළු විවිධාංග රැසක් මෙහිදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

 

වෙසක් පුර පසළොස්වක

 

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 10 වනදා බදාදා පූර්ව භාග 01.07 ට ලබයි. 11 වනදා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 03.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 10 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි 18 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]