UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

JLanka වෙතින් මෙරට ප්‍රධාන ආගමික සිද්ධස්ථාන රැසකට සූර්ය බලශක්තිය

JLanka වෙතින් මෙරට ප්‍රධාන ආගමික සිද්ධස්ථාන රැසකට සූර්ය බලශක්තිය

සූර්ය බලශක්ති භාවිතය සම්බන්ධයෙන් වන රජයේ වැඩසටභන්වලට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සූර්යබල ශක්ති විසඳුම් සම්පාදකයෙකු වන JLanka සමාගම මෙරට ප්‍රධාන පෙළේ ආගමික සිද්ධස්ථාන රැසක සූර්ය බලශක්ති පද්ධති පිහිටුවීමේ ව්‍යාපෘතියක් දියත් කර තිබේ.

ඒ අනුව ජය ශ්‍රී මහා බෝධිය,රුවන්මැලිසෑය, ථූපාරාමය, අභයගිරිය, ජේතවනාරාමය, මිරිසවැටිය, ලංකාරාමය හා මහනුවර හී‍්‍ර දළදා මාලිගාව, මල්වතු මහා විහාරය,අස්ගිරි මහා විහාරය, තන්තිරිමලේ රජ මහා විහාරය, සෝමවතී රජ මහා විහාරය,බෙල්ලන්විල රජ මහා විහාරය ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන රැසක්ද කොළඹ අග්‍ර බිෂොප් මැදුර, ගාල්ල මුස්ලිම් දේවස්ථානය, සබරගමු මහ සමන් දේවාලය, යාපනය නල්ලූර් කන්දසාමි කෝවිල හා කෝනේෂ්වරම් කෝවිලද සුර්ය බල ශක්තියෙන් බලගැන්වීමට නියමිතය.

JLanka හි මෙම ව්‍යාපෘතියත් සමඟ ආගමික ස්ථානවලට තම විදුලි පිරිවැය අවම කර ගැනීමට මෙන්ම තිරසාර හා පරිසර හිතැති බලශක්ති භාවිතයකට අවකාශ උදාවේ. ආගමික ස්ථාන කරා එන සැදැහැවතුන් කෙරෙහිද එවන් පරිසර හිතැති බලශක්ති ප්‍රභේදයක් භාවිතා කිරීමේ වටිනාකම පෙන්වා දීමටද එය උපකාරි වනු ඇත.

ඉකුත් වසර හය තුළදී සූර්ය බලශක්තිය සඳහාවන පිරිවැය විශාල ලෙස අඩුවී තිබේ. JLanka ආයතනය 2010 වසරේදී ආරම්භ වූයේ, පර්යේෂණ හා සංවර්ධන අංශ වැඩි ආයෝජනයක් තුළින් පිරිසුදු බලශක්ති තාක්ෂණවේද වැඩිදියුණු කිරීමේ අරමුණෙනි. ආරම්භයේ පටන්ම සූර්ය බලශක්ති භාවිතයේ ඇති වැදගත්කම හා ප්‍රයෝජන පිළිබඳව මහජනයා දැනුවත් කරීමට JLanka සමාගම ලබාදී ඇති දායකත්වය කැපී පෙනේ.

 

වෙසක් පුර පසළොස්වක

 

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 10 වනදා බදාදා පූර්ව භාග 01.07 ට ලබයි. 11 වනදා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 03.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 10 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි 18 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]