UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය 2017

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය 2017

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා මහෝත්සවය 2017 ජූනි 28, 29, 30 හා ජූලි 01 යන දිනයන් හි කෝට්ටේ රාජ මහා විහාරස්ථ සිරිමංගල උපෝසථාගාරයේ දී හා උපසම්පදාපේක්ෂක නේවාසික පුහුණුව 2017 ජූනි මස 17 සහ 18 දිනවල ගෝනදූව දක්ෂිණ චේතියාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

මෙවර උපසම්පදාව සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන එම සංඝ සභාවට අයත් ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අදාළ ඉල්ලුම්පත් සම්පූර්ණ කර 2017 මැයි මස 15 වන දිනට පෙර උපසම්පදා ලේඛකාධිකාරීන් වහන්සේ වෙත ලැබෙන්නට සැලැස්විය යුතු බව දන්වා සිටියි. නියමිත දිනට පසුව ලැබෙන ඉල්ලුම්පත් පාර්ශව භේදයකින් තොරව ගෙන අවසාන දිනයේ දී උපසම්පදාව සඳහා යොමුකරනු ලැබේ.

නියමිත ඉල්ලුම්පත් උපසම්පදා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය මකුරුප්පේ සෝමාලංකාර හිමි, ශ්‍රී මහා චේතියාරාමය, කිඳෙල්පිටිය, වැල්මිල්ල හන්දිය (බණ්ඩාරගම) යන ලිපිනයෙන් ලබාගත හැකි බවද කියයි.

 

වෙසක් පුර පසළොස්වක

 

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 10 වනදා බදාදා පූර්ව භාග 01.07 ට ලබයි. 11 වනදා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 03.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 10 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි 18 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]