Print this Article


පරිත්‍යාගශීලීන්ගේ සහාය පතයි

පරිත්‍යාගශීලීන්ගේ සහාය පතයි

ගොතටුව, ඇල්හේන පාර, නො 696/2 පදිංචි ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ දැනට වසර 38 සේවා කාලයක් තාක්ෂණ නිලධාරිවරයෙකු ලෙස කාර්යභාරයක් ඉටු කළ චූලනී පාලිත වීරරත්න මහතා දරුණු අක්මා රෝගයකින් පෙළෙන බැවින්, හැකි ඉක්මනින් (මාස තුනක් ඇතුළත) ඔහුට අක්මා කොටසක් බද්ධ කළ යුතු බවට උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය මධුනිල් කිරි ඇල්ල වෛද්‍යතුමා නිර්දේශකර ඇති බව කියයි. ඉන්දියාවේ චෙන්නායි නුවර ග්ලෝබල් රෝහලේ දී සිදු කළ යුතු මෙම සැත්කම සඳහා මුදලක් වැය වන බව කියයි. එවැනි අති විශාල මුදලක් ඉතා ඉක්මනින් සොයා ගැනීම අසරණ එම පවුලට මහත් අපහසුවක් වී ඇති බැවින්, තව දුරටත් ඔහු ජීවත් කර වීමට සැමගේ ආධාර බලාපොරොත්තු වේ. පාලිත වීරරත්න මහතාගේ බිරිඳ වන ජී.ඒ.එල්. ගලප්පත්ති මහත්මිය නමින් බොරැල්ල ලංකා බැංකු අධිශ්‍රේණි ශාඛාවේ 80592697 ගිණුමට ආධාර මුදල් බැර කළ හැකි අතර වැඩි දුර විස්තර 071 4452930 දුරකථන අංකයෙන් ලබාගත හැකි බවද කියයි.