Print this Article


ශ්‍රී දළදා මාළිගාව සහ උභය මහා විහාර චාරිත්‍ර විධි ග්‍රන්ථය එළිදකී

ශ්‍රී දළදා මාළිගාව සහ උභය මහා විහාර චාරිත්‍ර විධි ග්‍රන්ථය එළිදකී

“ශ්‍රී දළදා මාළිගාව සහ උභය මහා විහාර චාරිත්‍ර විධි” නමැති ග්‍රන්ථය ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශයේ ලේකම් කේ. මීගහකුඹුර මහතා විසින් රචනා කර ඇත.

මහාවිහාරීය යතිවර පරපුරේ අඛණ්ඩ වංශකතාවත්, කිත්සිරි මෙවන් රජ දවස සිරිලකට වැඩම කරවූ සිරි දළදා සමිඳුන් පෙරදැරිව හෙළ දැය හා බැඳි අසිරිමත් පෙළහර පිළිබඳ පුවතත් එම කෘතිය තුළින් විදහා දැක්වේ. ශ්‍රී දළදා මාලිගාවේ සහ මල්වතු අස්ගිරි උභය මහා විහාරයේත් චිරාගත සම්ප්‍රදායික චාරිත්‍ර විධි පිළිබඳ කරුණු සොයන පාඨකයන් විශේයෙන් පරිශීලනය කළ යුතු අගනා කෘතියක් ලෙස එය පෙන්වා දිය හැකිය. මහා විහාරය හා සැබැඳි ථෙරවාදි සඟ පරපුරේ ප්‍රභවය සහ එහි විකාශනය ශ්‍රී දළදා මාලිගාවේ සහ මල්වතු අස්ගිරි උභය මහා විහාරයේත් අප්‍රකට තොරතුරු රැසක් අනාවරණය කරන වටිනා කෘතියකි. ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යාංශයේ ප්‍රකාශනයක් වන එම කෘතිය මිල රු. 1500 කි.