Print this Article


උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ මැදවෙල සුගතසෝම අනු නාහිමියෝ වැඩබලන මහානායක ධුරයට පත්වෙති

උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ මැදවෙල සුගතසෝම අනු නාහිමියෝ වැඩබලන මහානායක ධුරයට පත්වෙති

උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ මහානායක ධුරන්දරව වැඩ විසූ අග්ග මහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ වැඩබලන මහානායක ධුරයට අනුනායක ධුරන්දර ඌව පරණගම මැදවෙල ජිනජෝතිකාරාම මූල මහා විහාරාධිපති විශ්‍රාමලත් පරිවෙනාධිපති මැදවෙල සුගතසෝම හිමියෝ පත්වූහ.

එම සංඝ සභාව ඉකුත්දා (9) පාගොඩ විද්‍යා විජයාරාමයේදී රැස්වූ අවස්ථාවේදී එම පත්කිරීම සිදුකළ බව බදුල්ල රඹුක්පොත රජ මහා විහාරාධිපති මඩුගස්තලාවේ විමලබුද්ධි හිමියෝ පැවැසූහ.