Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

කුලි / කුලියාපිටිය නගර සභාව යටතේ පාලනය වන ‘තිළිණ’ පෙර පාසල සඳහා අඩුවක්ව පැවැති බුද්ධ මන්දිරය එහි ආදි සිසුන්ගේ, දෙමාපියන්ගේ ධන හා ශ්‍රමදායකත්වයෙන් මෙන්ම පරිත්‍යාගශීලීන්ගේ හා ගුරුවරුන්ගේ ආධාර මත ඉදිකර පසුගිය දා උත්සවශ්‍රීයෙන් විවෘත කරන ලදී.

දමයන්ති ජයකොඩි මහත්මිය රචනා කළ “ගෞතම බුද්ධ චරිතය (4) - අසිරිමත් සත්සතිය බෞද්ධ ග්‍රන්ථය” පසුගිය දා පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේදී කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට පිළිගැන්වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට ප්‍රකාශක දයාවංශ ජයකොඩි, සුඛිත රුක්ෂාන් ගුණසේන, නිපුන් ගුණසේන, මධූ සහ කාංචනා සවන්ති ගුණසේන යන අය සහභාගී වූහ.