Print this Article


රාජා කුරුප්පු අභාවප්‍රාප්ත වෙයි

රාජා කුරුප්පු අභාවප්‍රාප්ත වෙයි

කොළඹ තරුණ බෞද්ධ සංගමයටත්, බෞද්ධ ජනතාවගේ දහම් දැනුම වර්ධනය කිරීම උදෙසාත්, දස වස් ගණනාවක සිට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අමිල සේවයක් ඉටු කළ රාජා කුරුප්පු මහතා අභාවප්‍රාප්ත විය. වසර 30 කට ප්‍රථම සිට කොළඹ තරුණ බෞද්ධ සංගමයට සම්බන්ධ වෙමින්, සංගමයේ පාලන කටයුතුවලට අමතරව, මසකට දෙවරක් බැගින් සංගම් මූලස්ථානයේ පැවති සිංහල හා ඉංගී‍්‍රසි මාධ්‍ය බෞද්ධ සාකච්ඡා සංවිධාන කරමින් මෙහෙයවනු ලැබුවේ කුරුප්පු මහතා විසිනි.

කොළඹ තරුණ බෞද්ධ සංමයේ ශ්‍රීමත් බාරොන් ජයතිලක අනුස්මරණ පුස්තකාලය භාර ලේකම් වශයෙන් ඒ මහතා අවුරුදු 30කට ආසන්න කාලයක් සේවය කර ඇත.