Print this Article


ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරන්දරව වැඩ විසූ අග්ග මහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවයෙන්...

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරන්දරව වැඩ විසූ අග්ග මහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවයෙන්...

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරන්දරව වැඩ විසූ සංස්කෘත චක්‍රවර්තී, භාෂාන්තර විශාරද, ජින ශාසන කීර්ති ශ්‍රී දෛවිභාෂා විශාරද, ග්‍රන්ථ විශාරද, රාජකීය පණ්ඩිත, අග්ග මහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉකුත් (03) දා අපවත්වී වදාළහ.

මහජන පූජෝපහාරය පිණිස උන්වහන්සේගේ ශ්‍රී දේහය නුගේගොඩ පාගොඩ පාරේ ශ්‍රී විද්‍යාවිජයාරාමයේ තැන්පත් කර තිබූ අතර ඉකුත් (06) දා පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී ආදාහන පූජෝත්සවය තෛ‍්‍රනිකායික සම්භාවනීය පූජනීය මහ සඟරුවනෙහි සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දෙස් විදෙස් ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.


මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පේමසිරි මහ නාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති දොඩම්පහළ චන්දසිරි මහා නා හිමි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමි, කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පරිවෙනාධිපති බළන්ගොඩ සෝභිත නාහිමි, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමි ඇතුළු ආදාහන පූජෝත්සවයට වැඩම කළ සම්භාවනීය මහ සඟරුවනින් කොටසක්.


පාගොඩ විද්‍යාවිජයාරාමයේ දී මහා නා හිමියන්ගේ ශ්‍රී දේශයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වූ අවස්ථාව.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහා නා හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක් වූ අවස්ථාව.


ජනාධිපතිතුමා රැස්ව සිටි පිරිස ඇමැතූ අවස්ථාව


රැස්ව සිටි ගිහි පැවිදි පිරිසෙන් කොටසක්


ජනාධිපතිතුමා, අගමැතිතුමා, කතානායකතුමා ඇතුළු මැති ඇමැතිවරු සහ ගිහි පිරිස ආගමික වතාවත්වල නිරතවූ අවස්ථාව.