Print this Article


හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි ගුණ සමරු උළෙල

හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි ගුණ සමරු උළෙල

19 වන සියවසේ බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීමෙහි පුරෝගාමී වූ, කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙණේ ආදි කර්තෘ බෝධිසත්වගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 106 වෙනි ගුණ සමරු උළෙල අප්‍රේල් 29 වන සෙනසුරාදා පස්වරු 3.00 ට කොටපිටියේ රාහුල අනුනාහිමිපාණන් වහන්සේගේ හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහභාගිත්වයෙන් පරිවෙණාධිපති බලන්ගොඩ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විද්‍යෝදය පිරිවෙණේ දී පැවැත්වීමට විද්‍යෝදය පිරිවෙණේ ආදි ශිෂ්‍ය සංගමය කටයුතු සංවිධානය කොට ඇත.

පසුගිය වසරේ මෙන්ම මෙවරද විද්‍යෝදය පිරිවෙණේ වාර්ෂික පාඨ පරීක්ෂණයෙන් සෑම පන්තියක ම ප්‍රථම, ද්විතීය හා තෘතීය ස්ථානය දිනාගත් දක්ෂ ශිෂ්‍යයන්ට හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි අනුස්මරණ ත්‍යාග රු. 2500/= රු. 2000/= රු. 1500/= වශයෙන් පිරිනැමීමටත්, සියලුම සිසුන්ගේ දේශන කුශලතා පිළිබඳ සිංහල හා ඉංගී‍්‍රසි මාධ්‍ය දෙකින්ම තරග පවත්වා වටිනා ත්‍යාග පිරිනැමීමටත්, අප්‍රේල් 29 වන සෙනසුරාදා දවල් සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමටත්, ශ්‍රී සුමංගල ප්‍රතිමා මන්දිරය තීන්ත ආලේප කිරීමටත්, කොටපිටියේ රාහුල අනුනාහිමිපාණන් වහන්සේ ලවා ‘දහනමය විස්ස සියවස්වල නිදහස් අරගලය හා ශ්‍රී සුමංගල නාහිමි’ යන මැයෙන් ගුණ සමරු ශාස්ත්‍රීය දේශනයක් පැවැත්වීමටත්, ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමිපාණන්ට හා මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතාට විද්‍යෝදය පිරිවෙණේ උසස් ම ගෞරව සම්මානය පිරිනැමීමටත්, විද්‍යෝදය ධර්ම ශාස්ත්‍රීය සංග්‍රහය මුද්‍රණය කිරීමටත් සංගමය බලාපොරොත්තු වේ. එබැවින් මේ සඳහා සියලුම ආදි ශිෂ්‍යවරුන්ගේ සහ වර්තමාන සිසුන්ගේ ගුරුහිමිපාණන් වහන්සේලාගේ සහයෝගිත්වය හා සහභාගිත්වය අපේක්ෂා කරන බව එම ආදි ශිෂ්‍ය සංගමය කියයි.

එදින පස්වරු 2.00 ට විද්‍යොදය පිරිවෙණේ ආදිශිෂ්‍ය සංගමය පැවැත්වෙන අතර, ඒ සඳහා සියලුම ආදිශිෂ්‍යවරුන් නොවරදවා ම සහභාගි වන මෙන් කාරුණිකව දන්වා සිටින බව මහාචාර්ය නෙලුවේ සුමනවංස හිමියෝ දන්වා සිටිති.