Print this Article


බුද්ධිමත්ව සිතමු

බුද්ධිමත්ව සිතමු

වෙහෙස මහන්සියක් නැතිව අනුන්ගෙන් ලැබෙන දෙය බලාගෙන ඕපා දූප කියමින් කම්මැලිකමට ජීවත් වෙන්න ඇතැම් අය උත්සාහ කරති. තමන්ගේ අඩුපාඩු කතා කිරීමට කැමැති නැති , අය කෙතරම් සිටිනවාද? ඒ සියල්ලම නතර කර ජීවිතයට හොඳ ආරම්භයක් ගන්නට උත්සාහ කරමු.

මෙම ලිපියෙහි කොටසක් බක් පුර පසළොස්වක පෝදා (අප්‍රේල් 10) පත්‍රයේ පළවිය.

නැකතට වැඩ නොකළ හොත් පවක් හෝ පිනක් සිදුවන්නේ නැහැ. පව පින සමඟ සම්බන්ධයක් නැහැ. නැකතට ආහාර අනුභව නොකළහොත් අකුසලයක් සිදුවන්නේ නැහැ.නමුත් ඒවා චාරිත්‍ර වෙයි. අනුගමනය කළ යුතු ගුණ ධර්ම වෙයි. කිසියම් නිවසක නැකතට සහල් ලිප තබන්නේ නැත්නම්,වැඩ අරඹා ගනුදෙනු කරන්නේ නැත්නම්,එම නිවසින් ඇති ඵලක් නැහැ. අධ්‍යයාපනය ලබන දරුවෙකු නම්, වැඩ අල්ලන නැකතට අනුව පොත පත කියවිය යුතුයි.

ගෙදර ගෘහණියක් නම්, ගෙදර පිළිවෙළ කළ යුතුයි.ගෘහණියගේ වැඩ ඇල්ලීම ගෘහයට සම්බන්ධ දෙයක්. වැඩ අරඹනවා යනු කිසියම් වැඩක් ආරම්භ කිරිමයි. තමන් යෙදී සිටින ක්ෂ්‍රේත්‍රයට අනුව වැඩ ඇරඹීම සිදු වෙයි. එම ආරම්භය ආරම්භයක් ලෙස සළකනු ලබනුයේ ඉදිරි දින තුන්සිය හැටපහ තුළ පවත්වා ගෙන යාමයි. දින තුන්සිය හැට පහ අවසන් වුණාට පසු නැවත ඇරඹුමක් පැමිණෙයි.එක අවුරුද්කට කිසියම් වැඩක් පිළිබඳව ඇරඹුමක් ගනී.ආරම්භයත්, වැඩෙහි යෙදීමත්, අවසානයත් යන කාරණා තුනම වැදගත් වෙයි. ඇතැමුන් වැඩ පටන් ගන්නවා පමණයි. පවත්වාගෙන යාමක් හෝ අවසානයක් නැහැ. ඇතැමුන් වැඩ ආරම්භ කරමින් ්පවත්වාගෙන ගියත් අවසානයක් නැහැ. වැඩක් පටන් ගත් විට ඒ සඳහා ගතවන කාලය අවසන් වුණාට පසුව එය අවසන් කළ යුතුයි.ඇතැමුන් පැය ගණන්, වරුගණන් රෙදි සෝදනවා. ගෙදර අතුගාන්න කොස්ස අල්ලන ආකාරය නොදන්නා පිරිසත් නැතිවා නොවෙයි.

ගෙදරට අවශ්‍ය සෑම කටයුත්තකටම නැකත් පිළිවෙළක් තිබෙනවා. ගෘහ ජීවිතය සාර්ථක වීමට අවශ්‍ය වන සෑම කටයුත්තකටම නැකතක් තිබෙනවා. ආර්ථිකය සඳහා ගනුදෙනු කිරීමට නැකතක් තිබෙනවා.ආහාර අනුභවය, රැකිරක්ෂා සඳහා පිටත්ව යාම නැකතට අනුව සිදු විය යුතුයි.

අනුන්ගෙන් කන්න බොන්න හම්බ වෙනවා නම්, වෙහෙස මහන්සියක් නැතිව අනුන්ගෙන් ලැබෙන දෙය බලාගෙන ඕපා දූප කියමින් කම්මැලිකමට ජීවත් වෙන්න ඇතැමුන් උත්සාහ කරයි. තමන්ගේ අඩුපාඩු කතා කිරීමට කැමැති නැති , අය කෙතරම් සිටිනවාද? ඒ සියල්ලම නතර කර හොඳ ආරම්භයක් ගත හැකියි. එය නව සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර නම්න් හඳුන්වයි. එම නිසා ළමා වැඩිහිටි සියලු දෙනාටම අනුගමනය කළ හැකි , අනුගමනය කළ යුතු දෙයක් ලෙස සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ධර්ම හැඳින්විය හැකියි. ඔබ ඒ පිළිබඳව දැනුවත් නැත්නම්, අඩුම වශයෙන් පන්සලේ ස්වාමීන් වහන්සේගෙන් , හෝ වැඩිහිටියන්ගෙන් උපදෙස් ලබාගන්න. උපදෙස් ලබාගැනීමට පෙර ඒ පිළිබඳව දැනුවත් පුද්ගලයා කවුද ? යන වග පළමු කොටම සොයා ගත යුතුයි. ඇතැමුන් පවුල් ජීවිතය යහපත්ව ගත කරන්නේ කෙසේද? යනුවෙන් රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් උපදෙස් දෙනු ලබයි. විෂය ඥාානය නැති මිනිසුන් ඇතැම්විට උපදෙස් දෙනු ලබයි. මාධ්‍ය සංස්කෘතිය නිසා ඇති වුණ එක්තරා ඛේදවාචකයක් වෙයි. දැනුම් තේරුම් තිබෙන විෂය ඥාානය තිබෙන පුද්ගලයෙකු ඒ සඳහා සහභාගි කරවා ගැනීම අවශ්‍යයි. නැකත් , සිරිත් විරිත් පිළිබඳව ජනතාවට කතා කරන නිසාම බුද්ධිමත් බව ඉතාම වැදගත් වෙයි. සිංහල අලුත් අවුරදු චාරිත්‍ර ධර්මවල මූලිකම කාරණාව බුද්ධිමත් බවයි.