Print this Article


දාන ආනිශංසයෙහි වෙනස

දාන ආනිශංසයෙහි වෙනස

මෙම ලිපියෙහි කොටසක් බක් පුර පසළොස්වක පෝදා (අප්‍රේල් 10) පළවිය.

ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් වන දාන ,සීල,භාවනා ක්‍රමයෙන් වඩවා ගන්නවා නම්,මේ භවයේදීම එහි ආනිශංස ලෙස සතුට ලැබෙයි. ඉධ නන්දති යනුවෙන් එම අවස්ථාවෙහිම විශාල සතුටක් ලැබෙයි. පෙච්ච නන්දති ඇසුවත් සතුටක් ලැබෙයි. කත පුඤ්ඤෝඋභයත්ත නන්දති ඒ අවස්ථාවෙහිදීත් පසුවත් සතුටින් සිටී. සතුටින් සිටීමට හැකිවීම වටිනාම ආනිශංසයක් වෙයි.

උදාහරණයක් ලෙස අෂ්ටපරිස්කාරයක් හිස මත තබා ගමන් කරන වේලාවෙදී දැනෙන සතුට අල්ලපු වත්තෙන් කෙසෙල් කැනක් කපා කර තබාගෙන යන පුද්ගලයෙකුට මේ ආත්මය තුළ ලැබෙන්නේ නැහැ.අටපිරිකරක් හිස මත තබාගෙන අතගස්වමින් යන පුද්ගලයෙකුට මොන තරම් සම්මත ක්‍රියාවක් කරනවාද? යන විශ්වාසය ඔහුට තිබෙනවාද?අනුන්ගේ වත්තක කෙසෙල් කැනක් කපාගෙන යන පුද්ගලයාට තිබෙන්නේ අසම්මත ක්‍රියාවක් කරනවා යන අසහනකාරී චෛතසියක්. ඔහු අසහනයෙන් සැම විටම වටපිට බලයි. පන්සලට දානය රැගෙන යන පුද්ගලයා මොනතරම් සතුටක් ලබනවාද?ඉධ නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝඋභයත්ත නන්දති. එය දිට්ඨ ධම්ම ෙවිදනීය ආනිශංසය වෙයි. එවැනි යහපත් ක්‍රියාවක් කළ අයෙකුට අසහනයක් නැහැ. අයහපත් ක්‍රියාවක් කළ පුද්ගලයෙකුට අදාළ මාතෘකාව සිහිපත් වන වාරයක් පාසා කෙතරම් ප්‍රමාණයක අසහනයක් පැමිණෙයිද? කළ ක්‍රියාවට අදාළ මාතෘකාව ඇසෙන වාරයක් පාසා අසහනයෙන් පිච්චෙයි. තමන් කළ වරදක් පිළිබඳව ධර්ම දේශනාවකදී ඇසුනත් ්දැනෙන්නේ සහනයක්ද? අසහනයක්ද?එය කරුමයක් වෙයි. කුමක් හෝ අයහපත් දෙයක් කරන විට එය කරමින් සතුටින් සිටිනවා වගේ පෙනුනත්,ඉධ තප්පති පවිකළ තැනැත්තා එම අවස්ථාවෙහි තැවෙයි. පෙච්ච තත්පති ඒ පිළිබඳව සිතන වාරයක් පාසා,කල්පනා කරන වාරයක් පාසා එවැනි පුද්ලයන්ට තැවීමට සිදුවෙයි. පින්කම් කළ යුත්තේ එයින් විශාල ආනිසංශයක් බුක්ති විඳීමේ හැකියාව ඔබට තිබෙන නිසයි. පළමු කාරණාව සතුටු වන අතර දෙවන කාරණාව කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබීමයි. පින්කමක් කිරීම සඳහා එකතු වන්නේ කුඩා හෝ යහපතකට කැමැති කල්‍යාණ ගුණ සහිත පුද්ගලයායි. යහපත් ගුණ අනුමත කරන තැනැත්තායි. යහපත් ක්‍රියාකාරකම් විෙවිචනයට ලක් නොකර අනුමත කරන පුද්ගලයායි. එම තැනැත්තා බුදුසමයට අනුව කල්‍යාණ මිත්‍රයෙක් වෙයි. ධර්ම දේශනයක් පවත්වන විට ධර්මදේශනා පවත්වන්නේ කුමකටද? යනුවෙන් අයෙකුට ප්‍රකාශ කළ හැකි වෙයි. ඔය සල්ලි ටිකෙන් හොදින් කා බී සතුටු වුණා නම්, නරකද? යනුවෙන් ප්‍රකාශ කරන පුද්ගලයන් සිටී. එවැනි පිරිස් පින්කම් සඳහා එකතු නොවෙයි. පින්කම් කිරීම් ඇතුළත යම් ආනිශංසයක් ලැබෙන බව තේරුම් ගැනීම ඔවුන්ට දුෂ්කර වෙයි. පින්කරන විට සතුටින් සිටීමට ලැබීමත් ඉතාම හොඳ කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමට ලැබීමත් මේ ලෝක වශයෙන් ලැබෙන ආනිශංස වෙයි. දන් දෙන විට ඔබට ලැබෙන ප්‍රමාණය සහ ඔබ දේවල් නොදෙන කාලයෙහි ඔබට ලැබෙන ප්‍රමාණය අතර වෙනසක් පවතී. තමාසතු කිසිවක් කිසිවෙකුට නොදීසිටිනවා නම්, ඊට සාපේක්ෂව තමන්ට ලැබෙන ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවීමට පටන් ගනී. තමන් අනෙක් පිරිසට උපකාර කරමින් තමාට ලැබෙන දෙයට ලෝභය අඩුකරගෙන කටයුතු කරන කාලයේදී පෙරළා තමන්ට ලැබෙන ප්‍රමාණය ඉතාම ප්‍රබල වෙයි. යමක් දෙන විට ලැබීමත් නොදෙන විට නොලැබීමත් සත්‍යද යන වග පර්යේෂණයක් කර බැලිය හැකියි. යමක් අස්කිරීම වෙනුවට තවදුරටත් එය තබාගන්නවා නම්, කවදාවත් අලුත් දෙයක් නොලැබෙයි. අස්කරන විට හිස් වීමත් සමඟ හිස් වෙන තැනට යමක් රැස්වෙයි. ඔබ යමක් දෙන විට, ඔබට යමක් ලැබිය යුතු බවට බලාපොරොත්තු තබා නොගත යුතුයි. එහෙත් ඔබට ලැබෙන දෙය ලැබෙයි. තමන්ට මෙය ලැබිය යුතු බවට ඔබ යමක් ප්‍රාර්ථනා නොකළ යුතුයි. එය තෘෂ්ණාව වර්ධනය කරගැනීමක් වෙයි. අපට යමක් අඛණ්ඩව ලැබිමට නම්,අප සිදුකරනු ලබන අඛණ්ඩ පරිත්‍යාග හේතු වෙයි. පරිත්‍යාගවල ආනිශංසය ප්‍රබල කරගැනීමට නම්,තණ්හාව හා මාන්නයෙන් නිදහස්ව ලබා දිය යුතුයි. දන්දීමේදී ප්‍රධාන ලෙස එම චෛතසිකයන් දෙක ආනිශංස ශක්තිය අඩු කරනු ලබයි. තණ්හාව මාන්නය ආනිශංස අඩුකිරීමට හේතු වෙයි. සිල්වතාට දෙන දානයෙහි ආනිශංස වැඩි බවත්,සිල්වත් නොමැති තැනැත්තාට දෙන දානයට වඩා සිල්වත් තැනැත්තාට දෙන දානයෙහි ආනිශංස වැඩි බවත් බුදුරජාණන් වහන්සේ වදාළහ. අසරණයෙකුට දෙන දානයට වඩා පැවිදි උතුමෙකුට දෙන දානයෙහි ආනිශංස වැඩි වෙයි. එය සිදුවන්නේ කෙසේද? යනුවෙන් බොහෝ අයෙකුට ප්‍රශ්නයක් නැඟෙයි.අනාථ නිවාසයකට දානයක් ලබාදීම කෙතරම් පින්සිදු වෙන ක්‍රියාවක්ද?භික්ෂූන් වහන්සේලාට දානය පිරිණමනවාට වඩා වැඩිහිටි නිවාසයකට දානය දීම කෙතරම් හොඳද? යනුවෙන් ඇතැමුන් තුළ මතයක් පවතී. භික්ෂූන් වහන්සේලාට දන් පැන් පිළිගන්වනවාට වඩා ළමා වැඩිහිටි නිවාස වලට දානය දීමට කෙතරම් උත්සාහ කරනවාද?එම ස්ථානවලට දානය නොදිය යුතු බවට මෙයින් ප්‍රකාශ වන්නේ නැහැ. එවැනි පිරිසට ලබාදෙන දානයට වඩා මහා සංඝයාට දෙන දානය උතුම් බවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේ කුමන හේතුවක් නිසාද? අනාථ නිවාසයකට හෝ මහලු නිවාසයකට දානය දෙන විට ඔබගේ සිත තුළ නිතර බලපවත්වනු ලබන්නේ කුමක්ද?

අසරණයන්ට සරණ වනවා යන සිතිවිලි අතුළත කිසියම් ආකාරයකින් සරණ වන පුද්ගලයාගේ චෛතසික අතර ඔහු නොදන්නා බරපතල මාන්නයක් තිබිය හැකියි.එම අවස්ථාව ලබාගන්නා පුද්ගලයා ස්තුතිවන්ත නොවුණ හොත් , පින් නොදුන්න හොත්, ලබාදෙන පුද්ගලායාගේ සිත අපිරිසුදු වෙයි. දීලත් කිසිම ගුණයක් නැති හැටි යනුවෙන් ප්‍රකාශ කරයි. සිල්වතාට ලබාදෙන දානයත් ,සාමාන්‍ය පුද්ගලයාට දෙන දානයෙහිත් ආනිශංස දෙකක් පවතින බවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේ එම කාරණාව නිසයි. මාන්නය යන චෛතසිකය පරිත්‍යාගශීිලියාගේ සිත එවැනි පරිසරයක් තුළ අපිරිසුදු කරයි. ලබන්නාගේ සිත තුළත් විශාල හීනමානයක් හටගනී. සභාවක් මැදට පැමිණ හිස නමා වැඳ කුමක් හෝ දෙයක් ලබාගන්නවා නම්, එම පුද්ගලයාගේ සිත තුළ කෙතරම් හීන මානයක් ඇති විය හැකිද?ඇතැමුන්ට කුඩා දෙයක් ලැබෙන විටත් හැඬෙයි. සතුටු කදුළු වඟුරවමින් එම තැනැත්තා හෝ තැනැත්තිය එම පරිත්‍යාගය බාරගන්නා බවට ප්‍රකාශ කළත් ,තමාට මහ සභාවක යාචකයෙක් වීමට සිදුවීම සම්බන්ධව තිබෙන හීනමාන චෛතසිකය කල්පනා කර බැලිය යුතුයි.

සිල්වතුන්ට දෙන දානය සහ සාමාන්‍ය අයට දෙන දානයෙහි වෙනසක් පවතින බවට බුදු රජාණන් වහන්සේ දේශනා කරනු ලැබුෙවි එම කාරණා නිසයි. පිළිගන්නාගේ සහ ලබන්නාගේ චෛතසිකවල තිබෙන්නාවූ අපවිත්‍ර ප්‍රශ්නය නම්, එක් අයෙක් එම අවස්ථාව තුළ මාන්නයෙන් පීඩා විඳිය හැකි අතර අනෙක් පුද්ගලයා හීනමානයෙන් පිඩා විඳිය හැකි වෙයි. එය ස්වාමීන් වහන්සේලාටම දිය යුතු බවට ප්‍රකාශ කරන්නේ කුමන හේතුවක් නිසාද? යන ප්‍රශ්නය පිළිබඳව ගැටුමක් තිබෙන නිසා එය නිවැරැදිව කල්පනා කළ යුතුයි.එය ප්‍රකාශ කර ඇත්තේ ඇයිද? යන කාරණාව සිතිය යුතුයි.