Print this Article


වෙසක් සතිය නිමිත්තෙන් මැයි 07 වැනි දා වියපත් හා අසරණ දනට පුද සත්කාර පිදීමක්

වෙසක් සතිය නිමිත්තෙන් මැයි 07 වැනි දා

වියපත් හා අසරණ දනට පුද සත්කාර පිදීමක්

මෙවර වෙසක් උත්සවය නිමිතිකර නාරාහේන්පිට පොලිස් වසමට අයත් දිළිඳු අසරණ වියපත් සිය දෙනෙකු මැයි 07 වන දින උදය 8.00 ට එක ස්ථානයකට කැඳවා එම අයට උදේ ආහාරයෙන් අනතුරුව බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි හා මුස්ලිම් පූජක තුමන්ලා ලවා ආගමික දේශනයන් පවත්වා ඉන් පසු සෑම අයෙකුටම තුවායක්, සරමක්, බැනියමක්, දත්බුරුසුවක්, දන්තාලේප පැකට්ටුවක්, සබන් පෙට්ටියක් සහ කාන්තාවන්ට චීත්ත හා හැට්ට රෙද්දක් ද සහිත තෑගි මල්ලක් දී ඉන් පසුව එම සියලු දෙනාම අභිමතය පරිදි ඇල් හෝ උණු ජලයෙන් නහවා පසුව දවල් ආහාරයෙන් සංග්‍රහ කර මුදල් පරිත්‍යාගයක් ද පිරිනමා ඉන් පසුව නැවතත් සර්ව ආගමික වැඩසටහනකට සහභාගී කරවා සවස 01.30 ට පමණ වැඩසටහන නිමාවට පත් කිරීමට සැලසුම් කර ඇත. නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පූර්ණ සහභාගීත්වයෙන් නාරාහේන්පිට පදිංචි විශ්‍රාමික සර්වියර් ජනරාල්වරයෙකු වන මයිකල් ද සිල්වා මහතා ප්‍රධාන රජයේ කාර්යාල ප්‍රධානීන්ද, සහභාගී කරවාගෙන පොලිස් ස්ථානය අසල පිහිටි ශ්‍රී මහා බෝධි විහාරස්ථාන පරිශ්‍රය තුළදී කථානායකතුමන්ද, පොලිස්පතිතුමන්ද සහභාගී කරවා ගෙන සිදු කිරීමට යෝජිත එම පුණ්‍ය කර්මය නාරාහේන්පිට එක්සත් වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් නාරාහේන්පිට සියලු වෙළෙඳ ව්‍යාපාරිකයින්ගේ සහභාගීත්වයෙන් වෙසක් සතියේ පළමුවැනි දිනයේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.