Print this Article


අවුරුදු හිසතෙල් ගිරිමානන්ද සූත්‍රයෙන් පිරිත් කෙරේ

අවුරුදු හිසතෙල් ගිරිමානන්ද සූත්‍රයෙන් පිරිත් කෙරේ

සිංහල අලුත් අවුරුද්දේ ඖෂධීය තෙල් ගිරිමානන්ද සූත්‍රයෙන් 108 වරක් පිරිත් කිරීම මෙම වසරේ ද 16 වෙනි වතාවටත් අස්ගිරිය මහා විහාර සංඝ සභාවේ මහෝපාධ්‍යය ශාස්ත්‍රවේදී පණ්ඩිත අමුණුපුර පියරතන හිමියන් විසින් අස්ගිරිය මහා විහාරයේ දී සිදුකෙරේ. අප්‍රේල් 15 වෙනිදා චාරිත්‍ර අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කෙරෙන අතර පිරිත් කරන ලද හිසතෙල් බෙදාහැරීම පෙරදින එනම් අප්‍රේල් 14 වෙනිදා අස්ගිරිය විජය සුන්දරාරාම පුරාණ විහාරයේ දී සිදුකෙරෙන බව පියරතන හිමියෝ සඳහන් කරයි.