Print this Article


නාකොලගනේ සුමන හිමියෝ නැගෙනහිර සහ තමන්කඩු එගොඩපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ධුරයට

නාකොලගනේ සුමන හිමියෝ

නැගෙනහිර සහ තමන්කඩු එගොඩපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ධුරයට

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සානුනායක විංශද්වර්ගික කාරක මහා සංඝ සභාව මගින් දෙහිඅත්තකණ්ඩිය මාවනාගම ශී‍්‍ර බෝධිනන්දනාරාමාධිපති මීරිගම බෝතලේ ශී‍්‍ර ගෝඨාභය රාජමහා විහාරාධිකාරි බඹරවාන මහා විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති නාකොලගනේ සුමන හිමියන් වෙත ‘විමලකීර්ති ශ්‍රී පේමානන්ද’ ගෞරව නාමය සහිත නැගෙනහිර සහ තමන්කඩුව එගොඩපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත. ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය අපේ‍්‍රල් 9 වනදා පස්වරු 2.30 ට අස්ගිරි මහා විහාරීය ඓතිහාසික මංගල උපෝසථාගාරයේදී වරකාගොඩ ඤාණරතන මහා නාහිමියන් ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාවේ සහ ගිහි පැවිදි පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ. අභිනව නා හිමියන් පිළිගැනීමේ මහෝත්සවය, හා ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම අපේ‍්‍රල් 10 වනදා සවස 3 ට විහාර පාර්ශ්වයේ අනු නාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන කථානායක කරු ජයසූරිය මහතා ප්‍රධාන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ අතින් විජිනිපත පිළිගැන්වීමද සිදු කිරීමට නියමිතව තිබිණි.