Print this Article


රුහුණු කතරගම මහා දේවාලයේ අවුරුදු මංගල්‍ය පෙරහර 14 වනදා

රුහුණු කතරගම මහා දේවාලයේ අවුරුදු මංගල්‍ය පෙරහර 14 වනදා

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික අවුරුදු මංගල්‍යය පෙරහර අපේ‍්‍රල් මස 14 වන දින රාත්‍රී පැවැත්වේ.

පෞරාණික චාරිත්‍ර හා පුද සිරිත්වලට මුල් තැනක් දෙමින් උඩරට පහත රට, සබරගමුව හා රුහුණු ප්‍රදේශයට ආවේණික නැටුම් වලින්ද, අලි ඇතුන්ගෙන් යුතුව අලංකාර වූ පෙරහරක් පැවැත්වීමට රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ඩී.පී. කුමාරගේ මහතා කටයුතු සංවිධානය කර ඇත. පෙරහර ගමන් කරන වීදි සුදු වැලි අතුරා ෂඩ්වර්ණ විදුලි බුබුළුවලින් අලංකාර කිරීමට බස්නායක නිළමේ කාර්යාලය කටයුතු සැලසුම් කර ඇත. පෙරහර දිනවල කතරගම පුදබිමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට පහසුකම් සැලසීමට බස්නායක නිළමේ කාර්යාලය, මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කතරගම ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව හා කතරගම පොලීසිය කටයුතු සංවිධානය කර ඇත.