Print this Article


හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය 15 වන දා මහනුවරදී

හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය 15 වන දා මහනුවරදී

චාරිත්‍රානුකූල හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අප්‍රේල් මස 15 දින පෙරවරු 11.04 ට යෙදෙන සුබ නැකතට අනුව මහනුවර ශ්‍රී දළදා චතුරස්‍රයේ ශ්‍රී නාථ දේවාල භූමියේ දී පැවැත්වෙයි.

මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක යන මහත්ම මහත්මීන් සහභාගිවීමට නියමිතය.